දේශගුණික විපර්යාස මැඩලීම පිළිබද අගමැති මොරිසන්ගේ දුර්වල ප්‍රතිපත්ති වලට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 9 ක අද දැවැන්ත විරෝධතා

 Thousands of protesters will march across nine cities in Australia today to condemn PM Scott Morrison's climate inaction

Source: Flickr

දේශගුණික විපර්යාස මැඩලීම පිළිබද අගමැති මොරිසන්ගේ දුර්වල ප්‍රතිපත්ති හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුණු ලැව් ගිනි තත්ත්ව හටගත් බවට පවසමින් අගමැති මොරිස්න්ට සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට එරෙහිව අද දිනයේ දැවැන්ත විරෝධතා පෙළපාලි පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන්, පර්ත් ඇතුළු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 9 ක මෙම විරෝධතා පෙළපාලි පැවැත්වේ.

දේශගුණික සාධාරණත්වය සඳහාවූ විශ්ව විද්‍යාල සිසුන්ගේ ජාතික සවිධානය මෙම විරෝධතා සඳහා නායකත්වය ලබාදෙයි.

ඔස්ට්‍රේලියාවේ ඇතිවී ඇති දරුණු ලැව් ගිනි මැඩලීමට සහ දේශගුණික විපර්යාස මැඩලීමට අගමැති මොරිසන්ගේ දුර්වල ක්‍රියාකලාපය මේ වන විට මහජනතාවගේ බරපතල විවේචනයට බඳුන් වෙමින් පවතී.

මෙම විරෝධතා පෙළපාලි සඳහා දහස් ගණනක් එකතු වනු ඇතැයි විශ්වාස කෙරේ.

 Thousands of protesters will march across nine cities in Australia today to condemn PM Scott Morrison's climate inaction
AUS PM Scott Morrisson Source: AAP

ලැව් ගිනි සමග ඔස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාස මැඩලීම සඳහාවූ ප්‍රතිපත්ති පටලවා නොගත යුතුයි

දේශගුණික විපර්යාස මැඩලීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රමාණවත් තරමේ වැඩපිළිවෙලක් අනුගමනය නොකිරීමෙන් ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි ඇතිවූ බවට ලිබරල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වන චෝදනා අගමැති Scott Morrison ප්‍රතික්ෂේප කරයි.

නියෝජ්‍ය අගමැති Michael McCormack ඇතුළු ලිබරල් සන්ධාන රජයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මේ සම්බන්ධයෙන් විවාද කරන්නට වූ අතර දේශගුණික විපර්යාස මැඩලීමට තවත් බොහෝ දේ කරන්නට ඇති බවට නියෝජ්‍ය අගමැති Michael McCormack පිළිගෙන තිබේ.

මේ අතර දේශගුණික විපර්යාසයේ බලපෑම් හඳුනාගෙන ඇති නමුත් මෙම ලැව් ගිනි සමග ඔස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාස මැඩලීම සඳහාවූ ප්‍රතිපත්ති පටලවා නොගත යුතු බව අගමැති Scott Morrison, ABC රූපවාහිනියට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now