SKIP TO MAIN CONTENT

"ඔස්ට්‍රේලියා දිනය" ට විරෝධය පාමින් සිඩ්නි හා මෙල්බන් නුවර දහස් ගණන් වීදි බසී.

'Invasion Day' marches in Sydney and Melbourne
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

අදට යෙදී ඇති "ඔස්ට්‍රේලියා දිනය" ට විරෝධය පාමින් ඇබෝර්ජීනියානු වැසියන් හා ටෝරස් දූපත් වාසීන් ඇතුළු ස්වදේශික ජනතාවට සහය දක්වන "ආක්‍රමණික දින පාගමන්" සඳහා සිඩ්නි හා මෙල්බන් නුවර දහස් ගණන් ජනතාව මේ වන විටත් සහභාගී වෙමින් පවතින බව වාර්තා වේ.

සිඩ්නි නුවර  "ආක්‍රමණික දින පාගමන" Redfern  හිදී ආරම්භ වූ අතර මෙල්බන් හි පිහිටි කපිතාන් ජේම්ස් කුක් ගේ පිළිරුව අසළින් ආරම්භ විය.

ස්වදේශික ජනතාවට අසමව සැලකීම, රැඳවුම් භාරයේ සිටින ස්වදේශික ජනතාවගේ මරණයන් යන කරුණු වලට එරෙහිව මෙම පාගමන් වලදී විරෝධතාව දැක්වීමට අපේක්ෂා කෙරෙන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු දේශපාලකයින් මෙරට ස්වදේශික ජනතාව පිළිබඳ අඩු සැලකිල්ලක් දක්වන බවත් ඔවුන්ට නියමාකරයේ ජනතා නියෝජනයක් නොලැබෙන බවත් සිඩ්නි නුවර විරෝධතාවේ සංවිධායක Ken Canning පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now