ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනකුගේ නම්.

Three Australians show interest to coach Lankan national squad

Source: SBS

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධුරයට හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනකුගේ නම් ඉහළින්ම තිබෙන බව Daily Mirror පුවත් පත වාර්තා කරයි.

Dean Jones, Jason Gillespie සහ Andrew McDonald යන හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධුරය බාරගැනීමට උනන්දුවක් දක්වා ඇති බව එම පුවත් පත සඳහන් කරයි.

නමුත් ප්‍රධාන පුහුණුකරු ධුරයයට කවුරුන් පත් කරගන්නවාද යන්න තවමත් ස්ථිර වී නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ නියෝජිතයෙකු පවසා තිබේ.

ඉහත ක්‍රීඩකයින් තිදෙනාගෙන් වැඩිම ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇත්තේ Dean Jones වන අතර ඔහු ටෙස්ට් තරග 52 ක්  සහ එක් දින ජාත්‍යන්තර තරග 164 ක් ක්‍රීඩා කර ඇත.

Dean Jones යනු 90 දශකයේ ඔස්ට්‍රේලියාව නියෝජනය කළ දක්ෂතම පිතිකරුවන්ගෙන් එක් අයෙකි.

42 හැවිරිදි Jason Gillespie ඔස්ට්‍රේලියාව නියෝජනය කළ දකුණත් වේග පන්දු යවන්නෙකි. ඔහු ටෙස්ට් තරග 71 ක් ද එක් දින ජාත්‍යන්තර තරග 97 ක් ද එක් 20-20 තරගයක්ද ක්‍රීඩා කර ඇත.

නමුත් Andrew McDonald ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 4 ක් පමණි. නමුත් ඔහු වික්ටෝරියානු ප්‍රාන්තයේ ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සේවය කරමින් සිටියි.


1 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now