SKIP TO MAIN CONTENT

දකුණු ඕස්ට්‍රේලියාවෙන් නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්, සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය බලධාරීන් පවසයි

Professor Nicola Spurrier in July 2020.
Professor Nicola Spurrier says a worker from a quarantine hotel in South Australia has infected family members. Source: AAP

1 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

මෙම නව කොරෝනා අසදිතයින් තිදෙනා දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනයේ සේවය කල සේවකයකුගේ පවුල් සාමාජිකයින් බවට විශ්වාස කෙරේ.

ඊය් (14) දිනයේදී කල පරීක්ෂණයකින් අනතුරුව 80 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර, ඉන් පසුව සිදු කල පරීක්ෂණ ඔස්සේ තවත් 50 හැවිරිදි පමණ කාන්තාවකට සහ 60 හැවිරිදි පමණ පිරිමි පුද්ගලයකුටද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

මෙලෙස කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ලයින් තිදෙනාට විශාල ලෙස ව්‍යාප්ත පවුල් පවතින අතර ඔවුන්ගේ ඥාතීන් සිව් දෙනෙකුද මේ වනවිට රෝග ලක්ෂණ පෙන්වන බව ප්‍රාන්ත ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය Nicola Spurrier සඳහන් කරයි.

මේ වනවිටත් 80 වියැති කාන්තාව සමග සම්බන්ධතා පැවැත්වූ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 90 දෙනෙකු සහ රෝගීන් සම්බන්ධයෙන් Contact tracing ආරම්භ කොට තිබේ.

ප්‍රාන්ත ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය Nicola Spurrier සෑම දකුණු ඔස්ට්‍රේලියනුවකුටම අවධාරණය කොට සිටින්නේ තවත් ආසාදිතයින් වාර්තා වීමේ අවධානමක් මතුව ඇති අතර, රෝග ලක්ෂණ මතුවුවහොත් වහාම පරීක්ෂා කරගන්නා ලෙසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now