NSW, වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවලට ඉදිරි දින 3 තුළ අධික වැසි, කුණාටු සමග දරුණු ගංවතුර තත්ත්ව

මෙම අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවත් බරපතල අතට හැරෙන බවට පුරෝකථනය කර තිබේ.

A yellow sign reads 'water over road', with a flooded road in background.

NSW, Victoria and Tasmania are all bracing for heavy rain and flooding over the coming days. Source: AAP / STUART WALMSLEY

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්ත අධික වැසි සහ ගංවතුර සමග දරුණු කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටී.

මෙම අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවත් බරපතල අතට හැරෙන බවට පුරෝකථනය කර තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

දැනටමත් ජලයෙන් යටවී ඇති නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැවැන්ත ප්‍රදේශ මේ සතිය අවසන් වන විට තවත් මිලිමීටර් 65 ක වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව සඳහන්.

ගංවතුර අනතුරු ඇඟවීම් 70කට වැඩි ප්‍රමාණයක් දැනට නිකුත් කර අතර බටහිර දෙසින් පැමිණෙන කුණාටු තත්ත්වය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා මධ්‍යම සහ දකුණු කලාපයේ අභ්‍යන්තරයට ගිගුරුම් සහිත වැසි ඇති කළ හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසයි.


මෑත මාසවල වර්ෂාපතනය හේතුවෙන් ගංගාවල අඛණ්ඩ ගංවතුර හටගැනීමත් සමඟ සිකුරාදා (ඔක්තෝබර් 14) සිට මධ්‍යම බටහිර සහ නිරිතදිග කොටස් සඳහා නව ගංවතුරක් ඇතිවීම පිළිබඳ කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවයි.

ජල පෝෂක ප්‍රදේශ වැසි ජලයෙන් පිරී යන අතර බොහෝ වේලි ධාරිතාවය ඉක්මවා හෝ ඒ ආසන්නයට හෝ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Overhead shot of flooding on road and fields.
NSW is still on high alert with another rain onslaught to hit the state which has already seen repeated flood events. Source: AAP / Stuart Walmsley

වික්ටෝරියා ප්‍රාන්තයටත් ගංවතුර අනතුරු ඇඟවීම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවලට ද බරපතල අයහපත් කාලගුණික අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, අධික වර්ෂාව සහ ගංවතුර ඇති වන බවට වාර්තා වේ.

උතුරු Goulburn-Broken ජල පෝෂක ප්‍රදේශයේ අවම වශයෙන් මිලිමීටර් 100ක වර්ෂාපතනයක් දැනටමත් වාර්තා වී ඇති අතර, ප්‍රාන්තයේ බස්නාහිර සහ මධ්‍යම ප්‍රදේශවලට ද බරපතල වර්ෂාව පතිත වීමේ අවදානමක් පවතින බව ප්‍රාන්ත හදිසි සේවා නිලධාරීන් අනතුරු අඟවයි.

අද (ඔක්තෝබර් 13) දිනයේදී ගංවතුර අනතුරු ඇඟවීම් මාලාවක් නිකුත් කර ඇති බව ප්‍රාන්ත හදිසි සේවා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Tim Wiebusch පැවසීය.

"අපට දැන් අපගේ ගංගා පද්ධති තුනක විශාල ගංවතුරක් සඳහා අවදානමක් තිබෙනවා. ඉන් පළමුවැන්න වික්ටෝරියා හි මධ්‍යම කොටසේ Campaspe ගංගාවයි." යනුවෙන් ඔහු ABC පුවත් වෙත පැවසීය.

"ඊසාන දෙසින් අපට Ovens සහ Kings ගංගා සඳහා අනතුරු ඇඟවීමක් ලැබී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස Wangaratta සහ ඒ අවට ප්‍රදේශවලට සෙනසුරාදා නැවතත් ගංවතුර ඇති විය හැකියි." ලෙසද වික්ටෝරියා ප්‍රාන්ත හදිසි සේවා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Tim Wiebusch පැවසීය.

ඔක්තෝබර් 12 වනදා අධික වර්ෂාව හේතුවෙන් Falls Creek අසල නාය යාමක්ද සිදුව තිබේ.

බ්‍රහස්පතින්දා දිනයේදී පැයට කිලෝමීටර් 110ක් දක්වා වූ අධික සුළගේ වේගය සිකුරාදා උදෑසන සිට ඇල්පයින් කඳු මුදුන්වලට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Avoca, Loddon සහ Murray ගංගා ආශ්‍රිතව මධ්‍යස්ථ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

විශාල වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින්, ගංවතුරේ රිය නොපදවන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ජනතාවට සිහිපත් කළේය.

ටස්මේනියාවටත් හදිසි ගංවතුර තත්ත්ව

ටස්මේනියාවේ උතුරු කලාපයේ ප්‍රජාවන් හදිසි ගංවතුර ගැන අවධානයෙන් සිටින අතර, මේ වන විට ඇදහැලෙන දැඩි වර්ෂාපතනය වසර හයකට පෙර සිදුවූ මාරාන්තික කාලගුණික සිදුවීමක මට්ටමට ළඟා වීම ගැන ඉඟි කරයි.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දක්වා සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු වන අතර, ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශවල මිලිමීටර් 60-100, ඊසානදිගින් මිලිමීටර් 180 සහ Great Western Tiers අවට මිලිමීටර් 250 දක්වා වර්ෂාපතනයක් අපේක්ෂා කරයි.

Railton, Latrobe, Wivenhoe, Burnie සහ Sheffield ඇතුළු නගර වඩාත් අවදානමට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැඩි වර්ෂාපතනය නිසා වයඹ දිග ප්‍රදේශවල අනතුරුදායක සහ ජීවිතයට තර්ජනයක් වන හදිසි ගංවතුර ඇති විය හැකි අතර පැය හයකට මිලිමීටර් 100 දක්වා වර්ෂාපතනය ඉහළ යන බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසයි.

නිරිතදිග ටස්මේනියාවට මිලිමීටර් 30-60ක වර්ෂාපතනයක් දැකිය හැකි අතර, Hobartඇතුළු ගිනිකොන දෙසින් මිලිමීටර් 15-30 ක වර්ෂාපතනයක් දැකිය හැකි වෙයි.
Mersey ගංගාවේ ජල පෝෂක ප්‍රදේශයන්හි අපේක්ෂිත ගංවතුර හේතුවෙන් Devonport වරායේ වානිජ මෙහෙයුම් ඔක්තෝබර් 13 වනදා මධ්‍යහනයේ සිට දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත.

මේ අතර, Devonport වසා දැමීම හේතුවෙන් යාත්‍රා කිරීම් හතරක් අවලංගු කරන බව Spirit of Tasmania නෞකාව මගීන්ට උපදෙස් දී ඇත.

ඔක්තෝබර් 13 වනදා Devonport සහ මෙල්බර්න් අතර රාත්‍රී යාත්‍රා කිරීම්ද සහ ඔක්තෝබර් 14 වනදා දිවා යාත්‍රා කිරීම්ද ඒ අතර වේ.

බොහෝ පවුල් පාසල් නිවාඩුවෙන් පසු ප්‍රාන්තයට ආපසු පැමිණෙන නිසා මාර්ගවල ප්‍රවේශම් ලෙස රිය පදවන වන ලෙස ටස්මේනියා පොලිසියේ සහකාර කොමසාරිස් Jonathan Higgins ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share

Published

By Madhura Seneviratne
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
NSW, වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවලට ඉදිරි දින 3 තුළ අධික වැසි, කුණාටු සමග දරුණු ගංවතුර තත්ත්ව | SBS Sinhala