ක්වීන්ස්ලන්තය සිව්වන කොවිඩ් රැල්ලක් ප්‍රකාශ කරන අතරේ NSW හා වික්ටෝරියාවල කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

AUSTRALIA-HEALTH-VIRUS

Pedestrians cross a near-deserted street in Brisbane on June 30, 2021, as the city falls quiet from a lockdown with Australia battling outbreaks of the highly contagious Delta variant of Covid-19. Source: AFP / PATRICK HAMILTON/AFP /AFP via Getty Images

නව Omicron උප ප්‍රභේද XBB, BQ1.1 සහ B2 උප පෙළපත් වල ප්‍රජා සම්ප්‍රේෂණය පිළිබිඹු කරමින්, ඔස්ට්‍රේලියාව පුරා කොවිඩ් රෝගීන් වැඩි වෙමින් පවතී.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ සතියේ නව කොවිඩ් රෝගීන් 19,800 ක් වාර්තා වූ අතර එය පෙර සතියට වඩා 60% ක පමණ වැඩිවීමකි. එහි ප්‍රතිඵලයක් ලෙස රෝහල් සහ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වීම්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

පසුගිය දින හත තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන් 16,636 ක් වාර්තා වී ඇති අතර එය පෙර සතියට වඩා 63% ක පමණ වැඩිවීමක් වන අතර මරණ සංඛ්‍යාව ද පසුගිය සතියේ පුද්ගලයින් 28 සිට මේ සතියේ 41 දක්වා ඉහළ ගියේය.

සියලුම ඇඟවීම්වලින් පෙන්නුම් කරන්නේ ඔස්ට්‍රේලියාවේ නව COVID-19 රැල්ලක ආරම්භයේ සිටින බව ලෙස සෞඛ්‍ය හා වැඩිහිටි සත්කාර දෙපාර්තමේන්තුව අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සිව්වන COVID රැල්ලට ඇතුළු වූ බවත්, එහි කොවිඩ් සම්ප්‍රේෂණ පද්ධතිය කොළ පැහැයේ සිට කහ පැහැය දක්වා ඉහළ නංවා ඇති බවත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය නොවැම්බර් 10 වන දා පැවසුවේය.

ක්වීන්ස්ලන්ත වැසියන්ට සෞඛ්‍ය සේවා ස්ථානවලදී, පොදු ප්‍රවාහනයේදී, ජනාකීර්ණ ස්ථානවල සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් අවට සිටින විට මුව ආවරණ පැළඳීමට උපදෙස් දෙන බව මෙයින් අදහස් කෙරේ.

COVID රෝග ලක්ෂණ ඇති අය හෝ COVID-19 සඳහා ධනාත්මක වූ අයෙකු සමග නිවසේ සිටින අයෙකු හෝ සෑම දින දෙකකට වරක්ම rapid antigen පරීක්‍ෂණ කිරීමට දිරිමත් කරනු ලැබේ.

ක්වීන්ස්ලන්තයේ මේ සතියේ කොවිඩ් රෝගීන් 5,828 ක් වාර්තා වූ අතර එය පෙර සතියට වඩා 32% ක පමණ වැඩිවීමකි.

නව කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් ඔස්ට්‍රේලියාව දකින විට නව කොවිඩ් රැල්ලෙන් ආරක්ෂා වීමට ඔබට කළ හැකි කරුණු තුනක් ඇති බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. ඒවා පහත පරිදි වේ:

  1. සුදුසුකම් ඇත්නම් ඔබගේ තුන්වන සහ සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාවන් ඇතුළුව ඔබගේ කොවිඩ් එන්නත්කරණය යාවත්කාලීන කරගන්න.
  2. ගෘහස්ථ පොදු ස්ථානවලදී හෝ ජනාකීර්ණ ස්ථානවලදී හෝ මුව ආවරණ පළඳින්න.
  3. ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත්නම් හෝ රෝග ලක්ෂණ පහව යන තෙක් සුවයක් ලබා නොමැති නම් හෝ නිවසේ රැඳී සිටින්න.

Medicare නොමැති අය ඇතුළුව කොවිඩ් සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති සහ ඉහළ අවදානම් සාධක ඇති පුද්ගලයින් oral antiviral treatments හෙවත් මුඛ ප්‍රතිවෛරස් ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලබන බව සෞඛ්‍ය සහ Aged care දෙපාර්තමේන්තුව සිහිපත් කරයි.

Medicare නොමැති පුද්ගලයින් නොමිලේ සේවා ලබා ගැනීම සඳහා ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයා හෝ සාමාන්‍ය ශ්වසන සායනය හෝ සම්බන්ධ කර ගත යුතුය. ප්‍රතිවෛරස් ප්‍රතිකාරවල පිරිවැය ඔබගේ සෞඛ්‍ය තත්ත්වය මත රඳා පවතී.

නොවැම්බර් 6 න් අවසන් වූ සතිය තුළ සතිපතා නව ගෝලීය COVID-19 රෝගීන් 15% කින් සහ මරණ 10% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම වාර්තාවේ සඳහන් කරයි.

ජපානය, කොරියානු ජනරජය, ඇමෙරිකාව, ජර්මනිය සහ චීනය රටවල් මට්ටමින් වැඩිම ගෝලීය COVID-19 රෝගීන් වාර්තා කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

3 min read

Published

By Yumi Oba, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now