SKIP TO MAIN CONTENT

ඉන්දු - ලංකා මිතුදම චීන සබඳතාවලට බලපෑමක් නොවන බව අගමැති ඉන්දීය මාධ්‍ය වෙත කියයි.

Ties with China not at India's expense, says PM Wickremesinghe
Source: Getty

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය ඉන්දියාව සමඟ පවතින සබඳතාවලට බලපෑමක් නොවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා Global Leadership series වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව චීන සහ ඉන්දීය රජයන් අවබෝධයෙන් කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් මෙම සබඳතා පිළිබඳ ගැටළුකාරී තත්ත්වයන් උද්ගත කරනු ලබන්නේ ඇතැම් ඉන්දීය මාධ්‍ය  විසින් පමණක් බව ද ඒ මහතා එහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ යහපත් ආරක්ෂක හා ආර්ථික සබඳතා පවතින අතර ත්‍රිකුණාමලය වරාය ජපානය සමඟ එක්ව සංවර්ධනය කිරීමට ඉන්දියාවේ සහයෝගය ලබාගත හැකි ආකාරය පිළිබඳව සොයා බලමින් සිටින බව අග්‍රමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

චීන හමුදා සබ්මැරීන් ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදට පැමිණීම පිළිබඳ අග්‍රමාත්‍යවරයාට එහිදී ප්‍රශ්නයක් යොමු කර තිබේ.

චීන සබ්මැරීන් ශ්‍රී ලංකාවට පැමිණීම සාමාන්‍ය සිදුවීමක් බව ඊට පිළිතුරු ලබාදුන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් චීනය සමග කිසිඳු ආරක්ෂක සබඳතාවක් නොමැති බව අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now