SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ pubs සඳහා දැඩි කොරෝනා නීති පනවයි

pubs
Tighter coronavirus restrictions are in place in pubs across New South Wales Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි pubs සඳහා දැඩි කොරෝනා නීති පනවා තිබේ.

සිඩ්නි නුවර Crossroads හෝටලය ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුර නොකඩවා වැඩි වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි pubs වල එක් මේසයක අසුන් ගැනීමට වෙන් කළහැක්කේ උපරිම පුද්ගලයින් 10 කට පමණි.

එමෙන්ම ඕනෑම අවස්ථාවක එහි අභ්‍යන්තරයේ රැදී සිටිය හැකි උපරිම පිරිස 300 ක් විය යුතුය.

නැතිනම් වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු ලෙසින් අභ්‍යන්තරයේ රැදී සිටිය යුතුය.

අසුන්ගෙන සිටින පාරිභෝගිකයින් සඳහා පමණක් මත්පැන් සංග්‍රහ කිරීමට අවසර ලැබේ.

පුද්ගල දුරස්ථභාවය, පිරිසිදු කිරීම සහ සනීපාරක්ෂාව සහතික කිරීම සඳහා Pubs විසින් සනීපාරක්ෂක කටයුතු පිළිබඳ මාෂල්වරයෙකු පත් කළ යුතුය.

හෙට (18/07) සිට සියලුම Pubs තම COVID ආරක්ෂණ සැලැස්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සමඟ ලියාපදිංචි කර ඇති බවට සහතික කළ යුතුය.

මහජන සෞඛ්‍ය නියෝග උල්ලංඝනය කරන ස්ථාන ඩොලර් 55,000 ක් දක්වා වූ දඩයකට යටත් විය යුතු අතර, එම වරද නොකඩවා සිදු වුවහොත් ඒ සෑම දිනකටම ඩොලර් 27,000 බැගින් දඩ මුදල් පනවනු ලැබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now