Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ Oklahoma ජන රැළිය TikTok භාවිතා කරන්නන් කඩා කප්පල් කරයි

Donald Trump Holds Campaign Rally In Tulsa

Supporters wait for the start of a campaign rally for U President Donald Trump at the BOK Center, 20 June, 2020 in Tulsa, Oklahoma Source: Getty

ඇමෙරිකාවේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැත්වූ පළමු ජන රැලියට අපේක්ෂා කළ තරම් පිරිසක් සහභාගී නොවූ බව වාර්තා වේ.

මෙම රැළිය  Oklahoma හි පිහිටි Tulsa ක්‍රීඩාංගනයේදී පැවත්විණි.

ආසන 19,000 කින් යුත් Tulsa ක්‍රීඩාංගනයේ මෙම රැළිය පැවති අවස්ථාවට 6000 ක පිරසක් පමණක් සහභාගී වූ බව සඳහන්.

The 19,000-seat BOK Center arena had many empty seats.
The 19,000-seat BOK Center arena had many empty seats. Source: AP

එමෙන්ම ක්‍රීඩාංගනයෙන් පිටත පැවැත්වීමට අපේක්ෂා කෙරුණු දැවැන්ත ජන රැළියද ප්‍රමාණවත් පිරිසක් රැස් කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අවලංගු කෙරුණු බව වාර්තා වේ.

ටල්සා රැළියට සහභාගිවීම සඳහා මිලියනයකට අධික පිරිසක් ඉල්ලුම් කර තිබූ බව එහි ප්‍රධාන සංවිධායක Brad Parscale පැවසීය.

අන්තර්ජාලයේ මේ දින වල ජනප්‍රිය TikTok app එක භාවිතා කරන්නන් මෙම රැළිය කඩා කප්පල් කිරීමට ප්‍රධානතම හේතුව බව ජාත්‍යන්තර පුවත් වාර්තා කරයි.

TikTok app එක භාවිතා කරන දහස් ගණන්  පිරිස් මෙම රැළියට සහභාගී වන බවට ලියා පදිංචි වී නොපැමිණ ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඔවුන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව නොමග යවා ඇති බව සඳහන්.

ඇමෙරිකාව තුළ කොවිඩ් 19 රෝගීන් වාර්තාවීම ඉහළ හේතුවෙන් වයිරසය සඳහා පරික්ෂා කිරීම් මන්දගාමී කරන ලෙස තමා උපදෙස් දුන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී පවසා තිබේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now