මෙවර 20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය ඊයේ ඇෆ්ගනිස්ථානය සමග පැවති අතර, එහිදී කයියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඇෆ්ගනිස්ථානය එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ කදුළු 7ක් දැවී ලකුණු 153ක් වාර්තා කල අතර අගනා ඉනිමක් ක්‍රීඩා කල ඇෆ්ගනිස්ථාන නායක අෂ්ගර් ස්ටෑනික්සයි ලකුණු 62 කින් ඇෆ්ගනිස්ථාන ඉනිමට දායකත්වය ලබා දුන්නේය. තරග 33කට සහභාගී වී ඇති ඇෆ්ගනිස්ථාන නායකයා තම T 20 තරග දිවිය තුඅල වාර්තා කර ඇති වැඩිම ලකුණු ප්‍රමණය මෙය බවත් සදහන්.
ස්ටෑනික්සයිගේ පුද්ගලික ලකුණු සංඛ්‍යාව 44 දී කුලසේකර යැවූ පන්දුවක් ඇන්ජලෝ මැතිව්ස් අතින් ගිලිහී ගොස් ඔහු පිටියෙන් ඉවත් කිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවෙන් ගිලිහි ගිය අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී තිසර පෙරේරා ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත් අතර, රංගන හේරත් ලකුණු 24කට කඩුලු 2ක් දවාගන්නට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කල ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 18 කුත් පන්දු 5 කදී කඩුලු 4ක් දැවී ලකුණු 155ක් වාර්තා කරමින් තරගයේ ජය සහතික කරගන්නට සමත් විය. මෙහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කල TM ඩිල්ෂාන් නොදැවී තම ලකුණු 83 වාර්තා කලේ හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමගින්. තරගයේ වීරයා සම්මානය හිමි කරගත් TM ඩිල්ෂාන් සදහන් කලේ ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හොදින් පන්දු යැවුවත් තමන් එය හොදින් කළමනාකරණය කරගැනීමට සමත් වූ බවයි.
එමෙන්ම කණ්ඩායම පසුගිය වකවානුව තුල මතභේද කාරී තත්වයන්ට මුහුණ දුන්නද මේ වනවිට කණ්ඩායම හොඳ මානසික තත්වයක සිටින බවත්, වරකට එක් තරගය බැගින් ගෙන තරගාවලිය තුල ඉදිරියට යන්නට බලාපොරොත්තු වන බවයි.
ශ්‍රී ලංකාව මෙවර 20-20 ලෝක කුසලනය යටතේ මුහුණ දෙන මීළඟ තරගය එළබෙන 20දා බටහිර ඉන්දීය කොදෙව් කණඩායම සමගින් බැංගලෝර් හිදී පැවැත්වීමට නියමිතයි.
අද තරග බිමට
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය 20-20 ලෝක කුසලාන ක්රිකට තරගාවලිය යටතේ අද තරග බිමට පිවිසීමට නියමිත අතර , එංගලන්තය සහ දකුණු අප්‍රිකාව මුම්බායි හිදී තරග බිමට පිවිසීමට නියමිතයි.

