SKIP TO MAIN CONTENT

නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කාලසටහන සංශෝධනය කෙරේ.

Nidahas Trophy
Source: Sri Lanka Cricket

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාව - ඉන්දියාව  සහ බංග්ලාදේශය සහභාගි වන තුන්කොන් 20-20 නිදහස් කුසලාන තරඟාවලියේ කාලසටහන සංශෝධනය කර තිබෙන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව, ලබන මාර්තු මස 08 වනදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිත වූ මෙම තරඟාවලිය මාර්තු 06 වන දින ආරම්භ කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

පැරණි කාල සටහනට අනුව තරඟාවලියේ අවසන් තරඟය අඟහරුවාදා දිනයකදී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් එය ඊට පෙර යෙදෙන ඉරිදා දිනයේදී පැවැත්වීමට ගත් තීරණය මෙම සංශෝධනයට හේතුවූ බව පැවසේ.

ඉරිදා දිනයේදී ප්‍රේක්ෂකයින් වැඩි පිරිසක් ගෙන්වා ගැනීමේ අරමුණින් එම තීරණය ගත් බව ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now