SKIP TO MAIN CONTENT

දෙමළ ජාතික සන්ධානය කම්පනයට පත්වෙයි.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

යෝජිත ත්‍රස්ත විරෝධී පනතට සම්බන්ධ ප්‍රතිපත්ති හා නීතී රාමුවක් සඳහා කැබිනට් අනුමැති ලබා දීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඒ සම්බන්ධයෙන් තමන්ගෙන් කිසිදු විමසීමක් හෝ දැනුම්වත් කිරීමක් කර නොමැති බවද දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ප්‍රජා නිදහස අඩුකරන, රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය තුළ පවතින අධිකරණ පාලනය බිඳී යන හා අපරාධ හා වධ හිංසා සඳහා දැවැන්ත හැකියාවක් ලබාදෙන එම පනතේ යම් යම් කොටස් දැක තමන් කම්පනයට පත් වූ බවද එම සන්ධානය සඳහන් කරයි.

නීත්‍යානූකූල ලෙස ත්‍රස්ත ක්‍රියා වළක්වන හා ඒවාට නීත්‍යානුකූලව දඬුවම් ලබාදෙන නීතීයේ පාලනයට හා මානව හිමිකම්වලට අනූකූල නීතී රාමුවක් සඳහා සහයෝගය දීමට තමන් එකහෙළාම කැප වන බවද එම සන්ධානය කියයි.

තම සන්ධානය මේ වන තෙක් ඒ සඳහා පාර්ලිමේන්තුවේදී කටයුතු කළ බවත් ඒ නිසා ආණ්ඩුවේ මෙම කෙටුම්පතෙන් දැඩි ලෙස කණස්සල්ලට පත් වූ බව එම නිවේදනයේ සඳහන් වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now