SKIP TO MAIN CONTENT

TNA දෙකඩ වෙයි.

TNA tear apart.
Source: TNA

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ද්‍රඩිඩ එක්සත් විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානයෙන් (TNA) මිදී තනිවම තරඟ කරන බව එම පක්ෂයේ නායක ආනන්ද සංගරී මහතා පවසයි.

ඒ අනුව උතුරු නැගෙනහිර පළාත් වෙනුවෙන් ද්‍රඩිඩ එක්සත් විමුක්ති පෙරමුණ මෙවර තනිවම තරඟ කිරීමේ සුදානමක් පවතියි.

දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රතිපත්ති අනුමත කළ නොහැකි බව සඳහන් කරමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පසුගිය සමයේ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් විය.

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධාන නායකයින් දෙමළ ජනතාවගේ ඉල්ලීම් පසෙකලා දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරන බවට පවසමින් ආනන්ද සංගරී මහතා විසින් පසුගිය සමයේ දෙමළ ජාතික සන්ධාන නායකයින් දැඩි ලෙස විවේචනය කරනු ලැබීය.

තමන්ට උතුරු පළාතේ පළාත් පාලන ආයතන තුළින් ජයග‍්‍රාහණ ලබා ගැනීමට හැකියාවක් පවතින බවද හෙතෙම පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කළ නොහැකි බැවින් තම පක්ෂයද මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තනිවම තරඟ කරන බව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහතාද පැවසීය.

Daily Mirror සහ අද දෙරණ ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now