SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පැවැත්වෙන තැපැල් සමීක්ෂණයේ අවසාන දිනය අදයි.

Same sex marriage postal vote
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පැවැත්වෙන තැපැල් සමීක්ෂණයේ අවසාන දිනය අදයි (07/11).

ඔබට ලැබුණු තැපැල් සමීක්ෂණ පත්‍රිකාව පුරවා අද දිනයේදී එය නැවත තැපෑලට දැමීමට හෝ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල පිහිටා ඇති ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ කාර්යාල වලට අද සවස 4.30 වන තෙක් හෝ බාර දිය හැකි වේ.

නමුත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මෙල්බන් කාර්යාලය අද මෙල්බන් කප් ප්‍රසිද්ධ නිවාඩු දිනය හේතුවෙන් වසා ඇති බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් මෙහෙයවන මෙම තැපැල් සමීක්ෂණයේ අවසාන ප්‍රතිඵලය එළඹෙන නොවැම්බර් 15 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත වේ.

The Guardian පුවත් පත මේ සම්බන්ධයෙන් සංවිධානය කර තිබූ ජනමත විමසුමකට අනුව ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමට කැමැත්ත පල කළ ප්‍රතිශතය 64% ක් බවත් අකමැත්ත පල කළ ප්‍රතිශතය 31% ක් බවත් හෙළිවී තිබේ.

SBS පුවත් ඇසුරෙනි.

 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now