ජපානයේ පැවැත්වීමට පැවැත්වීමට නියමිතවූ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන වසරට කල් දැමෙයි

Tokyo Olympics will be postponed by one year

Tokyo 2020 Olympics will be postponed by one year Source: AAP

මේ වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව ඇති ඔලිම්පික් ක්‍රීඩා උළෙල කොරෝනා වසංගතය හමුවේ කල් දැමීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකයෙකු පැවසීය.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල එළඹෙන ජූලි 24 වන දින ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට සැලසුම් කර ඇත.

කෙසේනමුත්, කොරෝනා වසංගතය හමුවේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීමට තීරණය කර ඇති බවට කිසිදු නිල නිවේදනයක් මෙතෙක් සිදු කර නොමැත.

නමුත් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන වසරේ පැවැත්වීමට තීරණය කළ බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ කැනේඩියානු ජාතික Dick Pound, USA Today පුවත්පතට වාර්තා කර තිබුණි.

කොරෝනා වසංගතය හමුවේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ වසරේ නියමිත පරිදි පැවැත්වුවද ඔස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍ය සහ කැනඩාව සහභාගී නොවන බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.


Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service