SKIP TO MAIN CONTENT

ජපානයේ පැවැත්වීමට පැවැත්වීමට නියමිතවූ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන වසරට කල් දැමෙයි

Tokyo Olympics will be postponed by one year
Tokyo 2020 Olympics will be postponed by one year Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මේ වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව ඇති ඔලිම්පික් ක්‍රීඩා උළෙල කොරෝනා වසංගතය හමුවේ කල් දැමීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකයෙකු පැවසීය.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල එළඹෙන ජූලි 24 වන දින ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට සැලසුම් කර ඇත.

කෙසේනමුත්, කොරෝනා වසංගතය හමුවේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීමට තීරණය කර ඇති බවට කිසිදු නිල නිවේදනයක් මෙතෙක් සිදු කර නොමැත.

නමුත් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන වසරේ පැවැත්වීමට තීරණය කළ බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ කැනේඩියානු ජාතික Dick Pound, USA Today පුවත්පතට වාර්තා කර තිබුණි.

කොරෝනා වසංගතය හමුවේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ වසරේ නියමිත පරිදි පැවැත්වුවද ඔස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍ය සහ කැනඩාව සහභාගී නොවන බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now