ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් හාන්ක්ස් සහ බිරිඳට ඔස්ට්‍රේලියාවේදී කොරෝනා වැළඳෙයි

Tom Hanks

Tom Hanks

ඇමරිකානු නළු ටොම් හාන්ක්ස් පවසන්නේ ඔහු සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන් ඕස්ට්‍රේලියාවේ සිටින අතරතුරදී කොරෝනා වෛරස් ආසාදනයට ලක්ව ඇති බවයි. ඒ සඳහා සිදුකල වෛද්‍ය පරීක්ෂණ වලදී ප්‍රතිඵලය ධනාත්මක බවට නිගමනය වී තිබේ.

63 හැවිරිදි ඔස්කාර් සම්මානලාභී Tom Hanks මේ දිනවල ඕස්ට්‍රේලියාවේ Gold Coast ප්‍රදේශයේ රැඳී සිටී. ඒ Baz Luhrmann ගේ තවමත් නම් නොකළ චිත්‍රපටියක් වන එල්විස් ප්‍රෙස්ලි චරිතාපදානයේ පූර්ව නිෂ්පාදනය කටයුතු සඳහායි.

"අපට සෙම්ප්‍රතිශ්‍යාව හා ශරීරය වේදනා දෙන ස්වභාවයක් ඇතිවුනා. ඒ වගේම මහන්සියක් දැනුණා. මගේ බිරිඳ රීටාට සීතල ටිකක් ආවා. මන්ද උණ ගතියක් දැනුනා යි" ඔහු බ්‍රහස්පතින්දා ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ සඳහන් කළේය.

මෙම චිත්‍රපටිය නිෂ්පාදන සමගම වන 'වෝනර් බ්‍රදර්ස්' ආයතනය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ කොරෝනා වෛරසය ආසාධිත බවට හඳුනාගෙන ඇති ටොම් හාන්ක්ස් සමඟ ඍජුව ජුව සම්බන්ධ වී ඇති ඕනෑම අයෙකු සම්බන්ධ කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරුත්තු වන බවයි..

 

 


Share

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now