SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ව පුහුණු කිරීමට ටොම් මුඩි ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට යයි

Tom Mudi
Tom Mudi Source: SBS Sinhala Radio

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

නවතම ක්‍රිකට් තාක්ෂණය ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් වෙත ලබාදීමේ අපේක්ෂාවෙන් විශේෂඥ පුහුණුකරු ටොම් මූඩි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කොට සිටී. ඒ සමඟම දඟ පන්දු පුහුණුකරුවකු ලෙස ඉන්දියාවේ එම්. වෙන්කටරාමනා මහතා ද පැමිණීමට නියමිත බව සඳහන්.

ටොම් මූඩි මහතා කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර වෙන්කටරාමනා මහතා සිංගප්පූරු ජාතික පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

සති දෙකක කාලයක් රැදී සිටින ටොම් මූඩි මහතා වසරකට අවස්ථා 4ක් හෝ 5ක් ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළකොට තිබේ.

ඇඩිලේඩ්හී උපත ලද ටොම් මූඩි මහතා 1989 සිට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිලට ක්‍රීඩා කොට ඇති අතර ටෙස්ට් තරග 8කට හා එක්දින ජාත්‍යන්තර තරග 76කට ක්‍රීඩා කොට ඇත. ඔහු ශ්‍රී ලංකාව, දකුණු ඔස්ට්‍රේලියාව හා බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් හා ඉන්දීය ප්‍රීමියර් ලීග් පුහුණුකරුවකු ලෙස සහභාගීවී ඇත.

මේ පුහුණුකරුවන් දෙදෙනාම කොළඹ ඛෙත්තාරාම ක්‍රිකට් පුහුණු ඇකඩමියේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now