SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට බිහිවන සුපිරි අමාත්‍යංශයට ටෝනි ඇබට්ගෙන් විරුද්ධ ප්‍රකාශයක්.

Australia Super Ministry
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව උදෙසා බිහි කිරීමට යන නව සුපිරි  අමාත්‍යංශයට තමන් විරුද්ධ වන බව හිටපු අගමැති ටෝනි ඇබට් පවසයි.

ත්‍රස්තවාදය පිටු දැකීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය, ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ අංශය සහ ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය එක් දෙපාර්තමේන්තුවක් යටතට ගෙන ඒම මෙමගින් සිදු වේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ට අනුව මෙය ඔස්ට්‍රේලියානු  ජාතික ආරක්ෂාව සම්බන්ධව පසුගිය දශක 4 ක කාලය ඇතුළත සිදු වූ විශාලතම ප්‍රතිසංස්කරණයකි.

මෙම අර්බුදය තමන් අගමැතිධුරය දරන කාලයේදී මතුවූ නමුත් තමන් එයට විරුද්ධවූ බව  ටෝනි ඇබට් 2GB  ගුවන් විදුලියට පැවසීය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව උදෙසා නිර්මාණය කිරීමට යන නව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහා තමන්ට කිසිවෙකුගෙන් විරුද්ධත්වයක් නොලැබුණු බව අග්‍රාමාත්‍ය  Malcolm Turnbull පවසයි.

මෙම නව අමාත්‍යංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ වත්මන් අමාත්‍ය  Peter Dutton පත් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම තමන් බාරගත යුතු බවත් ඒ සඳහා දැනට පවතින පද්ධතිය මෙමගින් කාලීනව ප්‍රතිසංස්කරණය වන බවත් අගමැති ටර්න්බුල් මෙල්බන් නුවර  3-A-W ගුවන් විදුලියට පැවසීය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක බිල් ශෝටන්ද ජාතික ආරක්ෂාව උදෙසා බිහි කිරීමට යන නව අමාත්‍යංශය පිළිබඳ අදහස් පළ කර තිබේ.

ජාතික ආරක්ෂාව උදෙසා රජයට මෙය සිදු කිරීමට අවශ්‍යනම් විපක්ෂය ලෙස ඔවුන්ට බාධා නොකරන බව බිල් ශෝටන් පවසා තිබේ.

නමුත් එය හුදෙක් අගමැති ටර්න්බුල්ගේ අගමැති ධුරයේ ආරක්ෂාව උදෙසා නොව රටේ ආරක්ෂාව උදෙසා පමණක් විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now