SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කලාප කිහිපයකටම අද "Total fire ban" තත්ත්වයක්.

Total fire bans have been declared in a number of New South Wales regions
Source: NSW rural fire service

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

අද (22/01) දිනය තුළ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකටම "Total fire ban" හෙවත් "සම්පූර්ණයෙන් ගිනි ඇවිලීම තහනම් තත්ත්වයක්" ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දකුණු දිග කලාපයේ, මධ්‍යම කලාපයේ මෙන්ම Hunter සහ සිඩ්නි නගර බද කලාප වල "සම්පූර්ණයෙන් ගිනි ඇවිලීම තහනම් තත්ත්වයක්" ප්‍රකාශයට පත් කර ඇත.

දකුණු සිඩ්නි ප්‍රදේශයේ පිහිටි "Royal National Park" හෙවත් "රාජකීය ජාතික උද්‍යානයේ"  ඊයේ දිනයේදී හදිසියේ ගිනි ගැනීමක් සිදු වූ අතර ඒ හේතුවෙන් මේ වන විට එම උද්‍යානය වසා දමා ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා හටගත් ගිනිගැනීම් 35 ක් මැඩලීමට තම කාර්යය මණ්ඩලය දැවැන්ත මෙහෙයුම් වල නිරතවූ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දුෂ්කර කලාප ගිනි නිවන සේවාවේ නියෝජ්‍ය කොමසාරිස් Rob Rogers පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now