ජනගහනය හේතුවෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ආසන වෙනස්වෙයි.

Total number of M-Ps in Australia’s House of Representatives will be changed.

Cámara de Representantes de Australia Source: AAP

ඔස්ට්‍රේලියාවේ සමස්ත ජනගහන වර්ධන වේගයට සාපේක්ෂව දකුණු ඔස්ට්‍රේලියාවේ ජගහන වේගය මන්දගාමී වේම හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ දැනට පවතින පාර්ලිමේන්තු ආසන 11, 10 දක්වා අඩුවීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අමාත්‍ය Christopher Pyne නියෝජනය කරන Sturt ආසනය බොහෝ දුරට අහෝසි කරනු ඇතැයි පැවසෙන අතර ඒ පිළිබඳ අවසන් තීරණය අද (13/04) දැනුම් දීමට නියමිත බව සඳහන්.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය සහ Australian Capital Territory වෙත අමතර ආසන එක බැගින් ආසන දෙකක් හිමිවන අතර ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පහළ මන්ත්‍රණ සභාවේ මුළු ආසන සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ යනු ඇත.

මේ තත්ත්වය මත දකුණු ඔස්ට්‍රේලියාවේ ලිබරල් සන්ධානයේ Christopher Pyne ගේ Sturt ආසනය අහෝසි කළ යුතු බවට කම්කරු පක්ෂය ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට යෝජනා කර ඇති අතර විශ්‍රාම යාමට නියමිත කම්කරු පක්ෂ මන්ත්‍රීනී  Kate Ellis ගේ Adelaide ආසනය ඒ වෙනුවට අහෝසි කළ යුතු බව ලිබරල් පක්ෂය යෝජනා කර තිබේ.


Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ජනගහනය හේතුවෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ආසන වෙනස්වෙයි. | SBS Sinhala