SKIP TO MAIN CONTENT

ජනගහනය හේතුවෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ආසන වෙනස්වෙයි.

Total number of M-Ps in Australia’s House of Representatives will be changed.
Cámara de Representantes de Australia Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ සමස්ත ජනගහන වර්ධන වේගයට සාපේක්ෂව දකුණු ඔස්ට්‍රේලියාවේ ජගහන වේගය මන්දගාමී වේම හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ දැනට පවතින පාර්ලිමේන්තු ආසන 11, 10 දක්වා අඩුවීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අමාත්‍ය Christopher Pyne නියෝජනය කරන Sturt ආසනය බොහෝ දුරට අහෝසි කරනු ඇතැයි පැවසෙන අතර ඒ පිළිබඳ අවසන් තීරණය අද (13/04) දැනුම් දීමට නියමිත බව සඳහන්.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය සහ Australian Capital Territory වෙත අමතර ආසන එක බැගින් ආසන දෙකක් හිමිවන අතර ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පහළ මන්ත්‍රණ සභාවේ මුළු ආසන සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ යනු ඇත.

මේ තත්ත්වය මත දකුණු ඔස්ට්‍රේලියාවේ ලිබරල් සන්ධානයේ Christopher Pyne ගේ Sturt ආසනය අහෝසි කළ යුතු බවට කම්කරු පක්ෂය ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට යෝජනා කර ඇති අතර විශ්‍රාම යාමට නියමිත කම්කරු පක්ෂ මන්ත්‍රීනී  Kate Ellis ගේ Adelaide ආසනය ඒ වෙනුවට අහෝසි කළ යුතු බව ලිබරල් පක්ෂය යෝජනා කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now