ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළඳ ගනුදෙනු ඩොලර් බිලියනයක් දක්වා ඉහළට.

PM Wickremesinghe meets Vietnam Prime Minister

Source: SL PM Media

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළඳ ගනුදෙනු ඉදිරි වසර කීපය තුළ අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමටත්, වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ ද, සහයෝගීතාව වර්ධනය කිරීමටත්, දෙරටේ අග්‍රාමාත්‍යවරු එකඟත්වය පළ කර තිබේ.

වියට්නාම් අග්‍රාමාත්‍ය Nguyen Xuan Phuc මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශවික නිල සාකච්ඡා ඊයේ (17/04) පැවති අතර, වෙළඳ ක්ෂේත්‍රය මෙන්ම  ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන් ද ප්‍රවර්ධනය කිරීමට පදනම සැකසීමට එහිදී  එකඟත්වය පළ කෙරිණි.

ආර්ථික හා සමාජයීය වශයෙන් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කිරීම  පිළිබඳව වියට්නාම් අග්‍රාමාත්‍ය Nguyen Xuan Phuc මහතා සිය ප්‍රසාදය පළ කරයි.

ශ්‍රී ලංකා - වියට්නාම් ඒකාබද්ධ කොමිසම මඟින් සිදු කෙරෙන කාර්යයන් මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර, දෙරටේ සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරලීම උදෙසා රජයේ හා පුද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත බුද්ධිමය පර්ෂදයක් සැකසිය යුතු බවටද මෙහිදී තීරණය විය.

බුද්ධිමය පර්ෂදය පිහිටුවීම සහ එහි කාර්යයන් සම්බන්ධීකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ශවයෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද, වියට්නාම් පාර්ශවයෙන් විදේශ කටයුතු උප ඇමති  Nguyen Quoc Dzung මහතා ද නම් කෙරිණි.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now