SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා ලොව ප්‍රධාන‍තම පාපැදි සවාරිය පවත්වනවාද යන අවසන් තීන්දුව මැයි මාසයේදී

Tour de France coronavirus
Tour de France Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වයිරසය යුරෝපය තුළ ශීග්‍රයෙන් පැතිර යාම නිසා මෙවර ප්‍රංශ පාපැදි සවාරිය පැවැත්වීම අවින්ශ්චිත වී තිබේ.

ලොව ප්‍රධාන‍තම පාපැදි සවාරිය ලෙස සැලකෙන ප්‍රංශ පාපැදි සවාරිය මෙවර ප්‍රේක්ෂකයන් රහිතව පැවැත්වීම සඳහා ප්‍රංශය අවධානය යොමුකරමින් සිටින බව වාර්තා වේ.

නමුත් මේ වන විටත් කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ප්‍රංශය මුළුමනින්ම වසා දමා ඇති නිසා මෙවර ප්‍රංශ පාපැදි සවාරිය පැවැත්වීම පිළිබඳ අවසන් තීරණය මැයි 15 ගැනීමට නියමිතය.

මෙවර ප්‍රංශ පාපැදි සවාරිය ජූනි මස 27 වැනිදා සිට ජූලි 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ප්‍රංශ පාපැදි සවාරිය ඔස්ට්‍රේලියාව තුළ විකාශනය කිරීමට නිල මාධ්‍ය හිමිකම හොබවන්නේ SBS මාධ්‍ය ජාලය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now