SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේදී අන් අයගේ කුඩා දරුවන් සුරතල් කරන්නේ බලාගෙනයි (SBS සිංහල / වාර්තා)

Mother Holding Toddler Daughter In The Woods
, I longed for my stomping ground with a deep and painful yearning I am reminded of in Strayed’s words. Source: Getty Images

1 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ඕස්ට්‍රේලියාවේ නීති අනුව අප හොහඳුනන දරුවන් සිප ගැනීම තහනම්. සංක්‍රමණිකයන් ලෙසට ඔස්ට්‍රේලියාවට පැමිණි පසු සමාජයේ ගැවසිමේදී අන් අයගේ දරුවන් දුටුවිට සුරතල් කිරීම හෝ දරුවන් සිප ගැනීමෙන් වැළකීම පිළිබද අප දැනුවත් වීම ඉතා වැදගත්.

වාර්තා වන පරිදි සිඩ්නි නුවරදී කුඩා දරුවන් රැගෙන යන pram එකක සිටි දරුවෙක් සිප ගැනීම නිසා 29 හැවිරිදි ඉන්දියානුවෙකු ළමයින් ලිංගිකව අපයෝජනය කිරීම පිළිබද වන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සිදුවීම සිඩ්නි නුවර මින් මැදුරේදී සිදුව ඇති අතර, වාර්තා වන පරිදි මෙම පුද්ගලයා එම දරුවාගේ මුව කිහිප වරක් සිප ගෙන තිබේ. පසුව එය එම දරුවාගේ දෙමාපියන් දුටුවිට "මට සමාවෙන්න" යනුවෙන් පවසා ඇත. Nikhil Bhatia නම් මොහු පසුගියදා හිතාමතාම දරුවකු ස්පර්ශ කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව, දරුවෙකු ලිංගිකව අපයෝජනයට ලක්කිරීමට තැත් කිරීම යන චෝදනාව යටතේ ෆෙඩරල් රජයේ අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇතැයි වාර්තාවේ. ඔහු මෙහිදී වරද පිළිගෙන නැති අතර ඔහුට ඇප නියම වී නැහැ. ඕස්ට්‍රේලියාවේ මෙවන් වරදකට වසර 16ක පමණ සිර දඩුවමක් ලැබිය හැකියි

මෙම පුදගලයා සංචාරක වීසා එකකින් පැමිණ ඇති අයෙක් වූ අතර පෙබරවාරි 22 වැනිදා රටින්  පිටවීමට නියමිතව තිබුණි. මෙහිදී මෙම චෝදනා ලැබූ ඉන්දීය ජාතික පුද්ගලයාගේ ප්‍රකාශය වී ඇත්තේ ඔහුගේ සංස්කෘතිකමය පරිසරය අනුව මෙය වරදක් ලෙසට නොහැගුනු නිසා එසේ දරුවා සිපගත් බවයි. 

ඔහු Surry Hills පොලීසියේ සිට video මාධ්‍ය ඔස්සේ අධිකරණයේ පෙනී සිටි අතර නැවත පෙබරවාරි 4 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි 

ඔහුගේ නීතිඥයා Sharon Ramsden පවසන්නේ මෙය සිතා මතා දරුවා ලිංගිකව අපයෝජනයට ලක්කිරීමේ අරමුණ ඇතුව සිදු කල වරදක් නොවන බවයි. එහෙත් ඔහු නැවතත් එම වරද කිරීමේ සමාජයට තර්ජනයක් ඇති නිසා ඔහුට ඇප නියම වී නැහැ.

Source: SBS News/AAP

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි අයුරු 

How to listen SBS Sinhala Radio
. Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now