SKIP TO MAIN CONTENT

Toyota සමාගම වික්ටෝරියානු ප්‍රාන්තයේ වසර 90 ක නිෂ්පාදන මෙහෙයුම් කටයුතු අදින් අවසන් කරයි.

Toyota Victoria Close
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයේ සිදු කළ වසර 90 ක වාහන නිෂ්පාදන මෙහෙයුම් කටයුතු අදින් අවසන් කිරීමට සුප්‍රසිද්ධ Toyota  සමාගම සැරසෙයි.

ඒ  අනුව බටහිර මෙල්බන් කලාපයේ උතුරු අල්ටෝනා ප්‍රදේශයේ පිහිටි වික්ටෝරියානු ප්‍රාන්තයේ Toyota  නිෂ්පාදනාගාරයෙන් අවසාන නිෂ්පානදය ලෙස පෙට්‍රල් වලින් ධාවනය වන Toyota  Camry රථයක් නිෂ්පාදන කටයුතු අවසන් වී පිටතට පැමිණෙනු ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ  Toyota  නිෂ්පාදනාගාරය වසා දැමීම හේතුවෙන් එහි සේවය කළ 2700 ක් පමණ වූ සේවකයින් ගේ රැකියා අහිමිවී යන බවද වාර්තා වේ.

මෙම තීරණය එහි සේවකයින්ට හා ඔවුන්ගේ පවුලේ උදවියට මෙන්ම සමස්ත ඔස්ට්‍රේලියාවටම කනගාටුදායක පුවතක් බව ඔස්ට්‍රේලියානු නිෂ්පාදක සේවකයින්ගේ වෘත්තීය සමිතිය පවසයි.

ඔස්ට්‍රේලියාවේ තම වාහන නිෂ්පාදනය ක්‍රමයෙන් නවත්වා දමන බව Toyota  සමගම 2014 වසරේදී නිවේදනය කර සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now