SKIP TO MAIN CONTENT

පර්පචුවල් ලොක්කන් සිව්දෙනෙකුට රට ගමන් තහනම්.

SL Central Bank Bond Issue
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

අර්බුදකාරී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධීන් වලට සම්බන්ධ යැයි පැවසෙන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානීන් සිව්දෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින්  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (02/10) නියෝගයක් නිකුත් කළාය.

 

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බැවින්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානීන් රටින් පිටවිය හැකි නිසා ඔවුන්ට රටින් පිටවයෑම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

ඒ අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන, එහි ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු සහ එහි ප්‍රධාන තාක්ෂණ විධායක නිලධාරී සචින් දේවතන්ත්‍රී යන සිව්දෙනා හට මෙලෙස රටින් පිටවීම තහනම් කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now