Highlights
- මෙලබ්න් නුවර සති 2ක lockdown තත්වය අවසන්
- වික්ටෝරියා ප්‍රාන්තයේ සිට NSW හරහා ක්වීන්ස්ලන්තය්ට ගොස් කොරෝනා ආසාධිත යුවල
- ඔස්ට්‍රේලියාව හා සිංගප්පුරුව අතර travel bubble කලාපයක්
- Astrazeneca එන්නත ලබා ගත් 52 හැවිරිදි කාන්තාවක් මිය යාම
- වික්ටෝරියා ගංවතුර
- ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ලාබාලම Covid මරණය
මෙලබ්න් නුවර සති 2ක lockdown තත්වය අවසන්
මෙලබ්න් නුවර සති 2ක lockdown තත්වය ඊයේ මධ්‍යම රාත්රියෙන් අවසන් වූ නමුත් තවමත් සියලුම ස්ථාන වලදී මුව ආවරණ පැ ලදීමේ අනිවාර්ය වී තිබේ.
මේ අතර ගතවූ පැය 24 තුල වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාධනයක් වාර්තා වී නොමැත
ඊයේ දිනයේ එකම නිවසක සිව් දෙනෙකුට වයිරසය ආසාධිත බවට තහවුරු වීමත් එය ඔවුන්ට ආසාධනය වූ ආකාරය සොයා ගැනීමට නොහැකි වීමත් මෙසේ මුව ආවරණ අනිවාර්ය කිරීමට හේතු විය . වික්ටෝරියානු නියෝජ්‍ය ප්‍රධාන වයිද්‍ය නිලධාරී Allen Cheng පැවසුවේ මෙම වයිරස පැතිරුණ ආකාරය පිලිබදව පරීක්ෂණ පැවැත්වෙන් අතර වාර්තා නොවී සමාජය තුල ආසාධන තිබිය හැකි බවයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ සිට NSW හරහා ක්වීන්ස්ලන්තය්ට ගොස් කොරෝනා ආසාධිත යුවල
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ සිට NSW හරහා ක්වීන්ස්ලන්තය්ට ගොස් කොරෝනා ආසාධිත බවට තහවුරු වූ යුවල හරහා ක්වීන්ස්ලන්තයේ කිසිවෙකු හෝ ආසාධනය වී ඇත්දැයි එම පරීක්ෂණ වාර්තා නිකුත් වන තුරු බලධාරීන් අවධානයෙන් පසු වේ.
ක්වීන්ස්ලන්ත රජය විසින් එම යුවල ගේ ආශ්රිතයින් 17ක් සොයා ගෙන පරීක්ෂාවට ලක් කොට තිබේ . ඔවුන්ගෙන් covid පරීක්ෂා ප්‍රතිපල ලැබුණු තිදෙනෙකු ආසාධිත නොවන බවට ඊයේ තහවුරු විය. මෙම යුවල ගිය මාර්ගය හා ආශ්රිතයින් 400 දෙනෙකු නිරෝධානයනය සදහා යොමු කොට තිබේ
ඔස්ට්‍රේලියාව හා සිංගප්පුරුව අතර travel bubble කලාපයක්
ඔස්ට්‍රේලියාව හා සින්ගප්පුරුව අතර ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම සදහා travel bubble කලාපයක් ආරම්භ කිරීමට රජය අවධානය යොමු කොට තිබේ. ඊයේ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison මහතා සිංගප්පුරුව වෙත සංචාරය කල අතර එහිදී සිංගප්පුරු අගමැති සමග ඒ සම්බන්ධව සාකච්චා කොට තිබේ. Morrison මහතා පවසන්නේ සිංගප්පුරුව කොරෝනා පාලනය හොදින් කර ඇති නිසා නිරෝධායන නොමැති කලාපයක් ආරම්භ කල හැකි බවයි.
AstraZeneca එන්නත ලබා ගත් 52 හැවිරිදි කාන්තාවක් මිය යාම
NSW හි Astrazeneca එන්නත ලබා ගත් 52 හැවිරිදි කාන්තාවක් රුධිර කැටි ගැසීම හේතුවෙන් මිය යාම පිලිබදව කනගාටුව පල කරන බව Astrazeneca ආයතනය ප්‍රකාශ කොට තිබේ. ඕස්ට්‍රේලියානු ඖශධ නියාමන ආයතනය වන Therapeutic Goods Administration පවසන්නේ එන්නතෙහි ප්‍රථම මාත්‍රාව ලබා ගෙන දින 28කින් පමණ ඇති විය හැකි දුර්ලභ රුධිර කැටි ගැසීමේ තත්වයක් හේතුවෙන් එම කාන්තාව මිය ගොස් ඇති බවයි.
ඔස්ට්‍රේලියාව තුල මෙම එන්නත් මාත්‍රා මිලියන 3.6ක් ලබා දී ඇති අතර එයින් වාර්තා වූ දෙවැනි මරණය මෙය වේ. ප්‍රධාන විද්‍යා නිලධාරී Paul Kelly ප්‍රකාශ කරන්නේ මෙම රුධිර කැටි ගැසීමේ තත්වයට ප්‍රතිකාර කිරීමට ඔස්ට්‍රේලියාවට හැකියාව ඇති බැවින් මෙම එන්නත ලබා ගැනීමට පසුබට නොවන ලෙසයි.
වික්ටෝරියා ගංවතුර
වික්ටෝරියා ප්රාන්තයේ අයහපත් කාලගුණය නිසා බොහෝ ප්‍රදේශ දහස් ගණන් ජනයාට විදුලි බලය රහිතව සිටීමට සිදුව තිබේ. යාරා හා තොම්සන් ගංගා සදහා ගංවතුර අනතුරු ඇගවීම් නිකුත් කොට ඇති අතර Traralgon Creek , Latrobe, Macalister, Mitchell හා Werribee Rivers ප්‍රදේශ සදහා ද මධ්‍යම ප්‍රමාණයේ අනතුරු ඇගවීම් නිකුත් කොට තිබේ. මේ අතර ඊයේ south Gippsland ප්‍රදේශයේ Woodside හි ගංවතුරට යටවූ මෝටර් රියක් තුල 60 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බවද වාර්තා වේ.
වික්ටෝරියානු පොලීසිය විසින් මෙම මරණය සම්බන්ධව පරීක්ෂණ සිදු කරමින් පවතී
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ලාබාලම Covid මරණය
ශ්‍රී ලංකාව තුල ඊයෙත් කොරෝන ආශ්‍රිත මරණ 67ක් වාර්තා වූ අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ලාබාලම covid මරණය වන දින 8ක බිලිදෙකුද මිය ගොස් ඇති බවට වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1910 දක්වා ඉහල ගොස් තිබේ. ඊයේ දිනයේත් ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 2715 වාර්තා විය. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාව තුල බ්‍රිතාන්යෙන් පළමුව හමු වූ ඇල්ෆා ප්‍භේදය පැතිර යන බවයි එසේම ඉන්දියාවෙන් ආරම්භ වූ ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයින් දෙදෙනෙකුද ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ පනවා ඇති සංචරණ සීමා ජුනි 14 වැනිදායින් පසු දීර්ඝ කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වේ.

