Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලබන අයවැයෙන් ඔස්ට්‍රේලියානුවන්ට බදු ප්‍රතිලාබ අහිමි නොවන බවට භාණ්ඩාගාරිකවරයාගෙන් ඉඟි : අප්‍රේල් 23 දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

අප්‍රේල් 23 වන දා සිකුරාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ.

Treasurer Josh Frydenberg at a press conference at Parliament House in Canberra, Thursday, April 15, 2021. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Treasurer Josh Frydenberg at a press conference at Parliament House in Canberra Source: AAP

Highlights

  • ඕස්ට්‍රේලියා කොරෝනා එන්නත්කරන වැඩසටහනේ 1 a  සහ 1 b අදියරයන් සම්බන්ධයෙන් අගමැති සහ ප්‍රාන්ත නායකයින් අතර එකඟතා රැසක්  
  • නිව් සවුත් වේල්ස්  සහ බටහිර ඔස්ට්‍රේලියා හෝටල් වල කොරෝනා ව්‍යාප්තිය ගැන පරීක්ෂණ පුළුල් කෙරේ
  • සිඩ්නි සහ පර්ත් හි කොරෝනා ආසාදිතයින් සොයා වික්ටෝරියා ප්‍රන්තය පරීක්ෂණ අරඹයි 
  • ලබන මස අයවැයෙන් මිලියන ගණනක් ඕස්ට්‍රේලියානුවන් හට බදු ප්‍රතිලාබ අහිමි නොවන ලකුණු
  • ඔස්ට්‍රේලියාව මේ වනවිට zero emissions තත්වය කරා ගමන් ගන්නා බව ඕස්ට්‍රේලියානු අගමැති දේශගුණික සමුලුවේදී කියයි
  • ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සීග්‍ර ලෙස ඉහලට

ඕස්ට්‍රේලියා කොරෝනා එන්නත්කරන වැඩසටහනේ 1 a සහ 1 b අදියරයන් සම්බන්ධයෙන් අගමැති සහ ප්‍රාන්ත නායකයින් අතර එකඟතා රැසක්

ඊයේ පැවති ජාතික කැබිනට් මණ්ඩල හමුවේදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රාන්ත නායකයින් අතර ඕස්ට්‍රේලියානු කොරෝනා එන්නට් වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්චා සිදුකෙරිණ.

මෙහිදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට සිටියේ මේ වනවිට ඕස්ට්‍රේලියානුවන් මිලියන 1.8කට වැඩි පිරිසක් සඳහා එන්නත් ලබාදීම සිදු කොට ඇති අතර මෙමගින් අඩක්ම පවුල් වෛද්‍යවරුන් හරහා සිදු කොට ඇති බවයි.

කොරෝනා එන්නත් වැඩපිළිවෙලේ 1-a සහ 1-b යන අදියරයන්හි වයස අවුරුදු 50ට අඩු පිරිස සඳහා Pfizer එන්නත ලබාදීමට ජාතික කැබිනට් නායකයින් එකඟ වී ඇති අතර මේ අනුව වයස්ගත සත්කාර, ආබාධිත සත්කාර සාමාජිකයින් සහ ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන් සඳහා ඉදිරියේදී මෙම එන්නත ලබාදීමට නියමිතව තිබේ.

ලබන මස සිට වයස අවුරුදු 50 වැඩි පිරිස සඳහා AstraZeneca එන්නත් ලබාදීමේ ගිවිසුමක් සඳහාද කැබිනට් නායකයින් එළඹ තිබේ.

ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල විශාල එන්නත්කරන මධ්‍යස්ථාන පිහිටුවද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට ඇත්තේ පවුල් වෛද්‍යවරුන් හරහා එන්නත් ලබාදීම සාර්ථක මාර්ගයක් වන බවයි.

එමෙන්ම මේ වනවිට වෙනත් රටවල පවතින කොරෝනා තත්වය මත අවදානම් සහිත රටවල් සඳහා යාමට වන නීති නුදුරේදීම දැඩි කෙරෙන බව සඳහන් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටියේ විශේෂයෙන්ම ඉන්දියාව වැනි රටකට මේ වනවිට යම් අයකුට යාමට හැකියාව ලැබෙන්නේද අත්‍යවශ්‍යම කරුණක් මත පමණක් වන බවයි.

ඊයේ (22) දිනයේදී පමණක් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 315,000 කට වඩා වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර මෙය එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංක්‍යාව ලෙස සැලකේ. එමෙන්ම එක් දිනක් තුල සිදු වූ වැඩිම මරණ සංක්‍යාවද ඊයේ ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

නිව් සවුත් වේල්ස් සහ බටහිර ඔස්ට්‍රේලියා හෝටල් වල කොරෝනා ව්‍යාප්තිය ගැන පරීක්ෂණ පුළුල් කෙරේ

සිඩ්නි හි Mercure හෝටලයේ සිටියදී කොරෝනා වෛරසයට නිරාවරණය වන්නට ඇති බවට විශ්වාස කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු සොයා මේ වනවිට නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ පරීක්ෂණ අරඹා තිබේ.

ප්‍රාන්ත සෞක්‍ය බලධාරීන් සඳහන් කොට සිටින්නේ පුද්ගලයින් 40 දෙනෙකු පමණ කොරෝනා වෛරසයට නිරාවරණය වී ඇති බවට සැක පල කරන අතර එමගින් ඇතැම් පිරිසක් මේ වනවිටත් ප්‍රාන්ත අතර සංචාරය කොට ඇති බවට විශ්වාස කරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Kerry Chant පෙන්වා දෙන්නේ එක් කාමරයක් තුල පුද්ගලයින් කිහිප දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීම ඔස්සේ වෛරස සම්ප්‍රේෂණය වීමේ අවදානම ඉහල යාමට හැකි අතර වායු සම්ප්‍රේෂණය ඔස්සේ විවිධ කාමර වල සිටින පිරිස සඳහාද වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවයි.

මේ හේතුවෙන් මෙම මධ්‍යස්ථාන තුල පුද්ගලයින් නිරෝධායනය වීමේදී ඔවුන් යම් පරතරයකින් යුතුව නිරෝධායනය සඳහා යෙදවීම වැදගත් බවද ඇය පෙන්වා දෙයි.

මේ අතර පර්ත් හි Mercure හෝටලය සඳහා මෙරටට නැවත පැමිණෙන සංචාරකයින් භාරගැනීම තාවකාලිකව නැත දමන බව බටහිර ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය Mark McGowan සඳහන් කොට තිබේ.

පසුගියදා මෙම හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හට හෝටල් පරිශ්‍රයේදී කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹීම මීට හේතුව වෙයි.

මේ අතර ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටින්නේ මෙම හෝටලයේ පවතින වායු සම්ප්‍රේෂණ පද්ධතිය තරමක් පැරණි වන අතර කොරෝනා වසංගත තත්වය මත මෙවැනි මධ්‍යස්ථාන තුල පහසුකම් සහ පද්ධති වැඩිදියුණු කිරීම පිලිබඳව අවධානය යොමු කලයුතු බවයි.

සිඩ්නි සහ පර්ත් හි කොරෝනා ආසාදිතයින් සොයා වික්ටෝරියා ප්‍රන්තය පරීක්ෂණ අරඹයි

සිඩ්නි හි සහ පර්ත් හි කොරෝනා අසාදිත පුද්ගලයින්ගේ සමීපතමයක් සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තය පරීක්ෂණ අරඹා තිබේ.

මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තයෙන් පුද්ගලයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඇතැම් පිරිස නිරෝධායනය සඳහාද යොමු කොට තිබේ.

මෙම වෛරස සම්ප්‍රේෂණය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු නිගමනයකට එළඹීමට සෞඛ්‍ය බලධාරීන් හට නොහැකිව තිබේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ Heidelberg සහ Sunshine හි රෝහල් වල තවත් විශාල එන්නට්කරන මධ්‍යස්ථාන පිහිටුවීමට බලධාරීන් කටයුතු කොට ඇති අතර වයස 50ට වැඩි පිරිස සඳහා එන්නත් ලබාදීම පුළුල් කිරීමටද නියමිතව තිබේ.

ලබන මස අයවැයෙන් මිලියන ගණනක් ඕස්ට්‍රේලියානුවන් හට බදු ප්‍රතිලාබ අහිමි නොවන ලකුණු

ලබන මසදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් මිලියන ගණනක් වූ ඕස්ට්‍රේලියානුවන් හට බදු ප්‍රතිලාබ අහිමි නොවනු ඇති බව විශ්වාස කෙරේ

ඩොලර් 48,000 ත් 90,000 ත් අතර බදු සහිත ප්‍රතිලාභ ලබන පිරිස සඳහා වන $1080ක වටිනාකමින් යුත් අඩු හා මධ්‍යම ආදායම් බදු කපා හැරීම ජුනි මාසයේදී කල් ඉකුත්වීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Josh Frydenberg සඳහන්කොට සිටියේ මෙම ප්‍රසාද දීමනාව තවත් වසරකට පමණ දෙර්ග කල හැකි බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කොට සිටියේ තමන් අයවැය සම්බන්ධයෙන් සිදු කල හැකි වෙනස්කම් පිළිබඳව මාධ්‍ය වෙත සඳහන් කිරීම සිදු කිරීමට බලාපොරොත්තු නොවන අතර මෙම ආණ්ඩුව මගින් ජනතාවට මුදල් දීම පිළිබඳව දැඩි අවධානයක් දක්වන බවයි.

ඔස්ට්‍රේලියාව මේ වනවිට zero emissions තත්වය කරා ගමන් ගන්නා බව ඕස්ට්‍රේලියානු අගමැති දේශගුණික සමුලුවේදී කියයි

ඇමරිකා එකසත් ජනපදය මගින් ඊයේ (22) පැවැත්වූ දේශගුණික සමුළුව සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වූ අතර එහිදී ඔහු සඳහන් කොට සිටියේ ඔස්ට්‍රේලියාව මේ වනවිට zero emissions නොහොත් ශුන්‍ය විමෝචන තත්වය කරා ගමන් ගන්නා බවයි.

ජපාන, බ්‍රිතාන්‍ය සහ කැනඩා අග්‍රාමාත්‍යවරුන් 2030 වසරේදී නව ඉලක්ක සඳහා ලඟාවීමට බලාපොරොත්තු වන බව සඳහන් කොට ඇති අතර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ නොවැම්බර් මාසයේ Glasgow හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට පෙර ඕස්ට්‍රේලියාවේ වායු විමෝචන අඩු කිරීමේ උපාය මාර්ග යාවත්කාලීන කරන බවයි.

එමන්ම අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කොට සිටියේ කාබන් මිල යාන්ත්‍රණයන් සඳහා නොව තාක්ෂනය කෙරෙහි අවධානය යොමු කරන බවයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සීග්‍ර ලෙස ඉහලට

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 650 ඉක්මවා වාර්තා වී ඇති අතර කොරෝනා වෛරසය අසාදනය වීම මගින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංක්‍යාව 634 දක්වා ඉහල ගොස් තිබේ.

පසුගිය උත්සව සමය තුලදී ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහල ගොස් ඇති අතර මේ වනවිට හඳුනාගත් රෝගීන් ආශ්‍රිතව නව කොරෝනා ප්‍රබේදයක් විය හැකි බවට විශ්වාස කල හැකි කොරෝනා ප්‍රබේදයක්ද පවතින බව විශේෂඥ වෛද්‍ය S. M ආනල්ඩ් වෛද්‍යතුමන් සඳහන් කොට සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යා ආයතනයේ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කොට සිටින්නේ පරීක්ෂණ කටයුතු මගින් මෙය, එංගලන්තයෙන් හමුවූ කොරෝනා ප්‍රබේදයට සමාන ප්‍රතිචාර දක්වන වෛරසයක් බවට හඳුනාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා දින විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවයි.

මේ අතර මේ වනවිට ශ්‍රී ලංකාව තුල පෙර පැවතියාට වඩා රෝහල් හදිසි සත්කාරක ඒකක තුල පවතින ධාරිතාවය ක්‍රමයෙන් උපරිම මට්ටම දක්වා ළඟා වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කොට සිටී

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවර දක්නට ලැබෙන රෝගීන් පෙර හමුවූ රෝගීන්ට වඩා තරුණ රෝගීන් වන අතර රෝහල් හදිසි සත්කාරක ඒකක අතිරික්තයක් මතු වුවහොත් පුද්ගල මරණ සංක්‍යාව ඉහල යන බවයි.


6 min read

Published

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now