කොරෝනා වයිරසය නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට තර්ජනයක් එල්ල වනු ඇති බවට රාජ්‍ය භාණ්ඩාගාරික Josh Frydenberg මහතා පවසයි.
රජය ගණන් බලා ඇත්තේ ඩොලර් බිලියන 2.3ක පමණ පාඩුවක් මේ නිසා ඇති වනු ඇති බවයි. නමුත් එය කොතරම් දැඩි බලපෑමක් දැයි කිව නොහැකි බවත් ඔහු පවසා තිබේ.
Australia China Business Council හි ප්‍රධානී Helen Sawczak පවසන්නේ දැනටමත් චීන සංචාරකයන් හා සිසුන් අඩු වීම නිසා ව්යාපාර වලට බලපෑම් ඇති වී ඇති බවයි. ඇයද පවසන්නේ තත්වය පහව යන තුරු ඕස්ට්‍රේලියානු ආර්ථිකයට මෙය බලපාන බවයි.
චීනයේ සිට එන විදේශිකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුල් වීමේ තහනම නිසා චීන සිසුන් හා සංචාරකයින් රැසක් රටට ඇතුල් නොවේ. එමගින් පාඩු සිදුවූ කර්මාන්ත වලට සහාය ලබා දෙන බව Frydenberg මහතා පවසයි.
වසර 2003 SARS වයිරසය නිසා ගෝලීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 40ක පාඩුවක් සිදු විය. ඒ අවස්තාවෙ ද සිසුන් , සංචාරකයන් පැමිණීම අඩු වුවද නැවත ආර්ථිකය යතා තත්වයට පත්වූ බවත් භාණ්ඩාගාරික වරයා පවසයි.
නමුත් චීන ආර්ථිකය වසර 2003ට වඩා දැන් ඉතා වර්ධනය වී ඇති නිසාත් චීනය හා ඔස්ට්‍රේලියාව අතර දැන් වෙළද සබදතා වඩා දැඩි වී ඇත.
දැනට 28000ක් පමණ කොරෝනා අසාධිතයන් වාර්තා වී ඇති අතර 14 දෙනෙකුට එම රෝගය ඕස්ට්‍රේලියාවේ ආසාධිත වී තිබේ. මේ නිසා වූ මරණ සංඛ්‍යාව 560කි.
Macquarie විශ්ව විද්‍යාලයේ Centre for the Health Economy හි අධ්‍යක්ෂ Henry Cutler පවසන්නේ තවමත් මෙම රෝගය නිසා වන පාඩුව හරිහැටි නිශ්චය කල නොහැකි බවයි.
ඔහු පවසන්නේ කුඩා පරිමාන අවන්හල්, සිල්ලර වෙලදාම් හා සංචාරක ආයතන මේ නිසා පාඩු ලැබිය හැකි බවයි. එසේම ඕස්ට්‍රේලියාවේ සිට චීනයට අපනයනය කරන ආහාර කර්මාන්තයද චීනයේ කොටසක් වසා තැබීම නිසා ගැටළු වලට මුහුණ පා තිබේ.එසේම චීනයේ යටිතල පහසුකම් වර්ධනය අඩු වීම නිසා ඕස්ට්‍රේලියානු අපනයන වලට තවත් බලපෑම් ඇති වේ.
PricewaterhouseCoopers ආයතනය විසින් ගණන් බලා ඇති ලෙස මෙම චීන ජනයා නොපැමිණීම නිසා ඩොලර් බිලියන 2.3ක හානියක් වනු ඇත. Australia China Business Council ආයතනය පවසා ඇත්තේ මේ පිළිබද අනියත බියක් ඇති කර ගත යුතු නොවේ. ඔස්ට්‍රේලියානු මහා බැංකුවේ අධිපති Philip Lowe පවසන්නේ කොරෝනා වයිරසය පැවතියද ඕස්ට්‍රේලියානු ආර්ථිකය ශක්තිමත්ව පවතින බවයි. ඔහුද පවසන්නේ මෙහිදී අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බව
Source: SBS News

