මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ වැදගත් තොරතුරු පිට ගිහින්.

Insider information leakage, a possibility

Source: SBS

2015 පෙබරවාරී 27 වැනිදා පැවැති බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ වැදගත් තොරතුරු පිටස්තර යම් පාර්ශවයක් කළින් දැනගෙන ඇති බව සිය දීර්ඝ සේවා පළපුරුද්ද අනුව තමා නිගමනය කළා යැයි ශ‍්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (27/03) හෙළි කළේය.

එම  බැඳුම්කර වෙන්දේසියේ ලංසු රටාව හොඳින් අධ්‍යනය කිරීමෙන් අනතුරුව තමන් මෙම නිගමනයට එළැඹුණේ යැයි පී. සමරසිරි මහතා පැවසීය.

කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙන අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝ්දාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සමරසිරි මහතා මේ වන විට රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ සී.සී.ටී.වී. කැමරා සවි කර ඇතත් එහි ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කළොත් වෘත්තීය සමිති වලින් විශාල විරෝධතාවයක් මෙන්ම විශාල පීඩනයක් එල්ල වීමට හැකියාව ඇතැයිද කීවේය.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now