SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට මරු කැඳවූ කන්ටේනර් රථ රියදුරු රිමාන්ඩ් භාරයට

(L-R) Constable Glen Humphris, Senior Constable Kevin King, Leading Senior Constable Lynette Taylor and Constable Joshua Prestney.
Constable Glen Humphris, Senior Constable Kevin King, Leading Senior Constable Lynette Taylor and Constable Joshua Prestney will be memorialised in Canberra. Source: Victoria Police

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය සතියේ මෙල්බර්න් නුවර Eastern Freeway මාර්ගයේ වික්ටෝරියානු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට මරු කැඳවූ කන්ටේනර් රථයේ රියදුරුව රිමාන්ඩ් භාරයට ගෙන තිබේ.

අද පෙරවරුවේ මෙල්බර්න් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රිමාන්ඩ් කිරීමට නියෝග ලැබිණි.

පසුගිය බදාදා පස්වරුවේ මෙල්බර්න් නුවර Eastern Freeway මාර්ගයේ පැයට කිලෝමීටර 140 ක වේගයෙන් ධාවනය කළ පෝෂ් වර්ගයේ සුපිරි මෝටර් රථයක් හඹා ගොස් රියදුරා පරික්ෂාවට බඳුන් කරමින් සිටි අවස්ථාවේදී පොලිස් රථය වෙත කඩාවැදුණු කන්ටේනර් රථයක් හේතුවෙන් මෙම මාරක අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ  Mohinder Singh Bajwa නමැති 47 වන වියෙහි පසුවන එම කන්ටේනර්  රථයේ රියදුරු පොලිස් ආරක්ෂාව යටතේ ඊයේ වන තෙක් රෝහල් ගතකොට සිටියේය.

මෙම අනතුරට මුල පිරූ බවට සැලෙකන පෝෂ් වර්ගයේ මෝටර් රථයේ රියදුරු Richard Pusey ද මේ වන විට රිමාන්ඩ් බාරයේ සිටින අතර චෝදනා 9 ක් එල්ල කරමින් ඔහුවද අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now