SKIP TO MAIN CONTENT

ත්‍රස්තවාදයට අනුග්‍රහය සපයන රාජ්‍යයක් බවට ඇමෙරිකාව, උතුරු කොරියාව නම් කරයි.

Trump declares North Korea 'sponsor of terror'
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ත්‍රස්තවාදයට අනුග්‍රහය සපයන රාජ්‍යයක් බවට ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් උතුරු කොරියාව නම් කරන ලදී.

ඒ අනුව උතුරු කොරියාවට එරෙහිව අමතර සම්බාධක පැනවීමට සහ දඩ මුදල් පැනවීමට ඇමෙරිකාවට ඉඩ සැලසෙනු ඇත.

උතුරු කොරියාව හිතුවක්කාරී ලෙස දිගින් දිගටම න්‍යෂ්ඨික අත්හදා බැලීම් වල නිරත වන බැවින් මේ තීරණය ගත බව ඇමෙරිකාව පවසයි.

ඇමෙරිකානු ජනාධිපතිවරගේ දින 12 ක ආසියානු සංචාරය නිමාවීමෙන් සතියකට පසුව මෙම තීරණය ගැනීමද තවත් සුවිශේෂී කරුණකි.

ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් උතුරු කොරියාවට පනවන ලද නවතම සම්බාධක පිළිබඳ නිවේදනය කරනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපති Donald Trump පැවසීය.

උතුරු කොරියාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ගත් තීරණය ඔස්ට්‍රේලියාවේ පැසසුමට ලක්ව තිබේ.

උතුරු කොරියාව සිදු කරමින් සිටින මෙම ක්‍රියාවලිය ත්‍රස්තවාදයට පිටිවහලක් සපයන බව ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු පිළිබඳ ඇමතිනී  Julie Bishop පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now