SKIP TO MAIN CONTENT

ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂකවරයා දින 10 කින් දොට්ට.

Trump fires Scaramucci after 10 days as Communications Director
Source: SBS

1 min read

Published

By Madhura Senviratne

Source: SBS News



Skip to article content

ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ Anthony Scaramucci, අදාළ තනතුරින් ඉවත් ඊයේ (31/07) ඉවත් කර තිබේ.

ඉකුත් ජූලි 21 වන දින ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂවරයා ලෙස වැඩ බාරගත් Anthony Scaramucci හට ඒ අනුව එම ධුරයේ කටයුතු කිරීමට අවස්තාව ලැබුනේ දින 10 ක් වැනි ඉතා කෙටි කාලයක් පමණි.

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස අලුතින් පත් වූ ජෝන් කෙලී විසින් ඔහු මෙලෙස ඉවත් කරනු ලැබ තිබේ.

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානීන්ට අවනත නොවී සෘජුවම ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇමතීම සම්බන්ධව ද ඔහුට චෝදනා එල්ල විය.

Anthony Scaramucci ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂකවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන්  ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් බොහෝදෙනකු අප්‍රසාදය පල කර තිබුණි.

මෙම පත්කිරීමට අකමැත්ත පල කරමින් හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී රෙයින්ස් ප්‍රීබස් සහ හිටපු ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක ශෝන් ස්පයිසර් ද ඔවුන්ගේ තනතුරු වලින් ඉල්ලා අස් වූහ.  


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now