SKIP TO MAIN CONTENT

Donald Trump තම ප්‍රථම නිල විදෙස් සංචාරය සෞදි අරාබියෙන් අරඹයි.

USA Politics
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇමෙරිකානු ජනාධිපති Donald Trump, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව තම ප්‍රථම නිල සංචාරය අද දිනයෙන් (20/05) ආරම්භ කළේය.

ඒ අනුව ඔහුගේ පළමු නිළ විදෙස් සංචාරයේ පළමු නැවතුම වන්නේ  සෞදි අරාබියයි.

අද ග්‍රිනීජ් මධ්‍යම වේලාවෙන් 0650 ට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් Airforce One ගුවන් යානයෙන් සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොළට ගොඩ බැස්සේය.

මෙම සංචාරයේදී ඔහු සෞදි අරාබියේ සල්මාන් රජුව සහ සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ රාජකීයන්වද මුණගැසීමට නියමිතය.

ඉන් අනතුරුව ඔහු බ්‍රසල්ස් නුවරටත් වතිකානුවටත් යාමට නියමිතය.

මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තියක් දිගින් දිගටම අනුගමනය කරන  ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මෙම සංචාරයේ අවසන් ප්‍රතිපලය දෙස මුළු ලොවම දැඩි අවධානයකින් බලා සිටියි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් Air force One ගුවන් යානයෙන් තම ප්‍රථම නිල විදෙස් සංචාරය සඳහා අමෙරිකාවෙන් පිටත්ව ගිය අයුරු.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now