SKIP TO MAIN CONTENT

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආසියානු මැරතන් සංචාරය ඇරැඹේ.

Trump Starts Marathon Asia Tour.
U.S. President Donald Trump (R) and his wife Ivanka arrive at the U.S. Yokota Air Base in Tokyo on Nov. 5, 2017. Source: Yomiuri Shimbun

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තම පළමු ආසියානු සංචාරය ඊයේ (05/11) ආරම්භ කළේය.

ඒ අනුව  ඔහු ඊයේ දිනයේදී 5 ජපානයට ගොඩබැසීමෙන් අනතුරුව ටෝකියෝ අගනුවර ආසන්නයේ වන යොකෝටාහි තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරේ සංචාරයක නිරත විය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ආසියානු සංචාරය ‘මැරතන් ආසියානු සංචාරය’ ලෙස විදෙස් මාධ්‍ය හඳුන්වා දී තිබේ.

ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් මෙම ආසියානු සංචාරය ආරම්භ කරනු ලබන්නේ උතුරු කොරියාවත් එක්සත් ජනපදයත් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන කාලයකදී වීම විශේෂත්වයකි.

ඇමෙරිකානු ජනාධිපතිවරයකු වසර 25කට පසු ආසියාවේ නිරත වන දීර්ඝතම සංචාරය මෙය වන බවද වාර්තා වේ.

මෙම සංචාරයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ජපානය, දකුණු කොරියාව, චීනය, වියට්නාමය, පිලිපීනය යන රටවල සංචාරය කිරීමට නියමිත බව සඳහන්.

ඒ අතරතුර ඔහු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද සූදනමින් පසුවන බව වාර්තා වේ.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now