SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අගමැතිගේ හා ඇමෙරිකානු ජනාධිපතිගේ ප්‍රථම හමුව ලබන සතියේදී.

Trump, Turnbull NYC Meeting
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull සහ ඇමෙරිකානු ජනාධිපති Donald Trump අතර මුහුණට මුහුණ හමුවන ප්‍රථම හමුව ලබන සතියේදී සිදු වන බව ධවල මන්දිරය ඊයේ (25/04) නිල වශයෙන් නිවේදනය කළේය.

පසුගිය ජනවාරි 28 වන දින දෙරටේ නායකයින් දෙදෙනා අතර සිදුවූ උණුසුම් දුරකථන සංවාදයට පසුව සිදුවන මෙම හමුවේදී දෙරටේ සම්බන්ධකම් තවත් ශක්තිමත් කරගැනීමට දෙරටම අපේක්ෂාවෙන් සිටියි.

මැයි මස 04 වන දිනට යෙදෙන කොරල් මුහුදේ යුද්ධයේ 75 වන සංවත්සරය සැමරීම සඳහා නිව්යෝර්ක් නුවර පැවැත්වෙන විශේෂ උත්සවයට සහභාගී වීම සඳහා අගමැති ටර්න්බුල් ඇමෙරිකාවට යාමට නියමිතය.

එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දෙරටේ සබඳකම් පිළිබඳ සහ කලාපීය ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බවත් මෙම අවස්ථාව පිළිබඳ තමන් අතිශය ප්‍රීතියට පත්වන බවත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම ටර්න්බුල් පැවසීය.

Trump, Turnbull NYC Meeting
Source: Twitter

ජනවාරි 28 වන දින සිදුවූ දුරකථන සංවාදයෙන් පලුදුවූ නායකයින් දෙදෙනාගේ සබඳකම් ශක්තිමත් කිරීමට ඇමෙරිකානු උප ජනාධිපති Mike Pence මෑතකදී සිදු කළ ඔස්ට්‍රේලියානු සංචාරය ඉවහල් වූ බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now