සුනාමි ඛේදවාචකය සිදුවී අදට වසර 12 යි..

මේ විපතින් ශ්‍රී ලාංකිකයෝ 35,000 - 37, 000 ත් අතර සංක්‍යාවක් මරණයට පත්වූහ.

Tsunami disaster - Sri Lanka

Tsunami disaster - Indian ocean Source: CNN.com

අදින් වසර 12 කට පෙර , එනම් වසර 2004 දෙසැම්බර් 26 වැනිදා සිදුවූ සුනාමි විපත ඉතිහාසයට එක්වූ අමතක කල නොහැකි ඛේදවාචකයකි. මේ විපතින් ශ්‍රී ලාංකිකයෝ 35,000 - 37, 000 ත් අතර සංක්‍යාවක්  මරණයට පත්වූහ.දිස්‌ත්‍රික්‌ක 13 ක ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 57 ක ජනතාව සුනාමිය නිසා විපතට පත් වූහ. පුද්ගලයන් ලක්‌ෂ 10 ක්‌ අවතැන් වූ අතර නිවාස ලක්‌ෂයක්‌ පමණ විනාශවිය. සුනාමිය නිසා ශ්‍රී ලංකාවට සිදුවූ අලාභය කෝටි 3800 ක්‌ බව ගණන් බලා ඇත.

රික්‌ටර් මාපකයේ 9.3 ක්‌ සටන්වූ භූමිකම්පාව සිදුවූයේ ඉන්දුනිසීයාවේ සුමාත්‍රාහි බටහිර වෙරළට ඈතිනි.

මෙම සුනාමිය ඉන්දුනිසීයා සුනාමිය නත්තල් සුනාමිය, බොක්‌සින් දින සුනාමිය දකුණු ආසියානු සුනාමිය යන විවිධ නම් වලින් හැඳින්විය.

මේ අතර සුනාමියේ ඒ අමිහිරි වේදනාව තවමත් විදිමින් දිවිගෙවන මිනිසුන් රැසක් අක්කරපත්තුව වෙරළ ආශ්‍රිත ගම්මාන කිහිපයක ජීවත් වන බවට වාර්තා වේ. නිලධාරීන්ගේ වාර්තාවලට අනුව එම සංඛ්‍යාව පවුල් 308ක් බවද සඳහන්.

සුනාමි විපතින් ලොව හැරගිය සියළුම ජනයා හට ශාන්තිය උදාවේවා ...!!


1 min read

Published

Updated

By Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now