SKIP TO MAIN CONTENT

අද රාත්‍රියේ සිට Tullamarine Freeway පැය 60 කට වැසෙයි : කල් වේලා ඇතිව ගමනේ යෙදෙන ලෙස VicRoads, ජනතාවගෙන් ඉල්ලයි.

Tullamarine Freeway Closure
Source: ABC Australia

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

අද (05/01) රාත්‍රියේ සිට පැය 60ක් දක්වා මෙල්බන් නුවර Tullamarine Freeway මාර්ගය වසා දමන බැවින් ඒ හරහා ගමන් කරන රියදුරන් තවත් අමතර මිනිත්තු 40ක් තම ගමන් මගට එක් කරගන්නා ලෙස බලධාරීන් දැනුම් දෙයි.

ඒ අනුව Tullamarine Freeway මාර්ගය අද (05/01) රාත්‍රී 10 සිට එළඹෙන ඉරිදා (08/01) පෙරවරු 10 වන තුරු වසා දැමේ. මාර්ගයේ පළල් කිරීම් කටයුතු සිදුකිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර Western Ring Road සහ Calder Freeway යන දෙදිශාවෙන්ම Tullamarine Freeway මාර්ගය වසා දැමෙන බව වාර්තා වේ.

මෙල්බන් ගුවන්තොටුපළ වෙත යන උදවියට තමන්ගේ ගමන් මග Pascoe Vale මාර්ගය සහ Ring Road හරහා යොදා ගන්නා ලෙස දැනුම් දී තිබේ.

සියලුම ට්‍රක් රථ Calder Freeway සහ Keilor Park Drive මාර්ග හරහා ගමන් ගන්නා ලෙසද දැනුම් දී ඇත.

මේ නිසා අවම වශයෙන් මිනිත්තු 40ක් හෝ අමතර කාලයක් තම ගමන් සඳහා එකතු කරගන්නා ලෙස VicRoads විශේෂ නියෝජිත Sameem Moslih පවසයි.

මීට අමතරව මෙල්බන් ගුවන් තොටුපළ වෙත ගමන් කරන ගුවන් මගීන් සැළකිය යුතු කාලයකට පෙරාතුව ගමන් අරඹන ලෙසද ඔහු පවසයි.

මෙම අලුත්වැඩියා කටයුතු අතර Airport West සහ Essendon Fields අතර ඇති English Street පාලම ගලවා දැමීම සිදුවන බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now