SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අගමැති Turnbull සහ ඇමෙරිකානු ජනාධිපති Donald Trump ගේ දෙවැනි හමුවීම හෙට.

Turnbull and Trump will have their second face-to-face meeting on tomorrow.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull සිය තෙදින ඇමෙරිකානු නිල සංචාරය සඳහා ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් ඊයේ පෙරවරු 10 ට පමණ ඇමෙරිකාවේ Washington නුවරට ළඟා විය.

මෙම සංචාරයේදී දෙරට අතර සබදතා තර කරගැනීමට සාකච්ඡා පවත්වන බවත් විශේෂයෙන්ම නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ වැඩි අවධානයක් යොමු  කරන බවත් අගමැති ටර්න්බුල් ප්‍රකාශ කර සිටියේය.

ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් හෙට පෙරවරුවේ ඔස්ට්‍රේලියානු අගමැති  Malcolm Turnbull, ඇමෙරිකානු ජනාධිපති Donald Trump ව ධවල මන්දිරයේ Oval කාර්යාලයේදී මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

අගමැති ටර්න්බුල් සහ ජනාධිපති ට්‍රම්ප් අතර මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පවත්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර පළමු මුහුණට මුහුණ සාකච්ඡාව පැවැත්වුයේ ඉකුත් වසරේ මැයි මාසයේ නිව් යෝර්ක් නුවරදීය.

මේ අතර පසුගිය සතියේදී ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් මිය ගිය සිසුන් හට අගමැති ටර්න්බුල් සිය ශෝකය ප්‍රකාශ කර සිටියේය.

ඇමෙරිකාවේ ගිනි අවි පාලනය කිරීමට මේ වන විටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කරමින් පවතින අතර ඒ පිළිබඳ ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ අදහස විමසූ මාධ්‍යවේදීන්ට අගමැති ටර්න්බුල් කියා සිටියේ ඇමෙරිකාවේ අභ්‍යන්තර ගැටළු වලට තමන් මැදිහත් වීම එතරම් සුදුසු නොවන බවය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now