SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවයේ නිරවද්‍යතාව නත්තලට පෙර ඔප්පු කළ යුතු බවට ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් නියෝගයක්.

new dual citizenship measures
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් තමන් ද්විත්ව පුරවසියෙකුද නැතිද යන්න ඔප්පු කළ යුතු බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඊයේ දිනයේදී නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව සියලු මන්ත්‍රීවරුන් තමන්ගේ දෙමාපියන්ගේ උපන් ස්ථාන පවා හෙළිදරව් කළ යුතු වන අතර මේ සියලු හෙළිකිරීම් එළඹෙන නත්තලට පෙර සිදු කළ යුතු බවද පැවසේ.

මේ අතර, තමන් හට එක්සත් රාජධානි පුරවැසිභාවය හිමිව ඇතිදැයි සොයා බැලීමට ලිබරල් පක්ෂයේ පසු පෙළ මන්ත්‍රී John Alexander  මේ වන විට කටයුතු කරමින් සිටියි.

තමන් හට ද්විත්ව පුරවැසිභාවයක් ඇති බවට සැකයක් ඇති බවට ඔහු ඊයේ දිනයේදී නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය උද්ගතවී තිබේ.

බ්‍රිතාන්‍යයේ උපත ලැබූ තම පියා තමන් උපත ලබන්නට පෙරම  එක්සත් රාජධානි පුරවැසිභාවය අහෝසි කර තිබු බව පසු පෙළ මන්ත්‍රී John Alexander පවසයි.

අගමැති ටර්න්බුල් ගත් මෙම තීරණය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ස්ථිරත්වය සුරැකෙන බව මුල්‍ය අමාත්‍ය Mathias Cormann, A-B-C පුවත් සේවයට පැවසීය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now