ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull සිය තෙදින ඇමෙරිකානු සංචාරය සඳහා ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (22/10) ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පෙරවරු 10 ට ඇමෙරිකාවේ Washington නුවරට ගොඩ බැස ඇති බව වාර්තා වේ.
මෙම සංචාරයේදී දෙරට අතර සබදතා තර කරගැනීමට සාකච්ඡා පවත්වන බවත් විශේෂයෙන්ම නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බවත් අගමැති ටර්න්බුල් ප්‍රකාශ කර සිටියේය.
ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් එළඹෙන සෙනසුරාදා ඔස්ට්‍රේලියානු අගමැති Malcolm Turnbull, ඇමෙරිකානු ජනාධිපති Donald Trump ව ධවල මන්දිරයේ Oval කාර්යාලයේදී මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.
අගමැති ටර්න්බුල් සහ ජනාධිපති ට්‍රම්ප් අතර මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පවත්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර පළමු මුහුණට මුහුණ සාකච්ඡාව පැවැත්වුයේ ඉකුත් වසරේ මැයි මාසයේ නිව් යෝර්ක් නුවරදීය.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull සමග මෙම අමෙරිකානු සංචාරය සඳහා ප්‍රාන්ත අගමැතිවරු සිව් දෙනෙකු, ප්‍රධාන අමාත්‍යවරු දෙදෙනෙකු සහ ව්‍යාපාර ප්‍රධානීන් කිහිප දෙනෙකු සහභාගී වී තිබෙන බවත් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ඇමෙරිකානු දේශපාලන සංචාරයක් සඳහා සහභාගී වූ වැඩිම සහ සුවිශේෂීම පිරිස මෙය බවත් ඇමෙරිකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මේ අතර ආසියානු කලාපයේ චීනයේ නැගී සිටීමට එරෙහිව තරග කිරීම සඳහා ඔස්ට්‍රේලියාව සමග ඇමෙරිකාව එක්ව ක්‍රමෝපායන් නිර්මාණය කළ යුතු බවට ඇමෙරිකාවේ රිපබ්ලිකන් සෙනට් සභික Marco Rubio ගේ ඉල්ලීම පිළිබඳ අගමැති ටර්න්බුල් කියා සිටියේ ඇමෙරිකානු ජනාධිපතිට ව්‍යාපාරිකයෙකු ලෙස ඒ පිළිබඳ මනා අත්දැකීම් ඇති බවය.

