SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු රජය පුනර්ජනනීය බලශක්තිය ඉවත දමයි.

Turnbull cabinet drops clean energy subsidies
Turnbull cabinet drops clean energy subsidies Source: AAP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාවේ නවතම බලශක්ති ප්‍රතිපත්ති වලින් පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඉවත දැමීමට ඊයේ (16/10) රාත්‍රියේදී කැබිනට් මණ්ඩලය තීරණය කළ බව වාර්තා වේ.

ඒ වෙනුවට ඔස්ට්‍රේලියාවේ බලශක්ති පිරිවැය අඩු කිරීමට වෙනත් වැඩසටහනක් යෝජනා කිරීමට එකඟ වී ඇති අතර දැනට පවතින විදුලිය පද්ධතියේ විශ්වාසදායී බව වැඩි දියුණු කිරීමටද යෝජනා වී තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම නව බලශක්ති ප්‍රතිපත්තිය අද පස්වරුවේ පැවැත්වීමට නියමිත ලිබරල් සන්ධාන පක්ෂ හමුවේදී අවසන් කිරීමටද අපේක්ෂා කෙරේ.

ඒ අනුව සූර්ය හා සුළං බලය බලශක්ති වැඩසටහනට දායක කර නොගනු ඇති අතර ගල් අඟුරු, ගෑස් දහන බලශක්ති මධ්‍යස්ථාන සහ බැටරි මේ සඳහා දායක කර ගැනේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙකු වන Alan Finkel විසින් ඔස්ට්‍රේලියාවේ බලශක්ති පද්ධතිය සඳහා පුනර්ජනනීය බලශක්ති ඉලක්ක හඳුන්වා දීම යෝජනා කළේය.

තත්ත්වය මෙසේ වුවද දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට ඔස්ට්‍රේලියාව නොකඩවා සහය දෙන බවද ඔස්ට්‍රේලියානු රජය පවසයි.

ඔස්ට්‍රේලියාවේ බලශක්තිය පිළිබඳ විශ්වාසදායක බව ඉහළ නැංවීම සඳහා මධ්‍යම රජය ඒ සම්බන්ධ ආයෝජන දිරිමත් කළ යුතු බව විපක්ෂයේ ඉදිරි පෙළ මන්ත්‍රී  Tony Burke, ABC  පුවත් වෙත පැවසීය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now