ලිබරල් පක්ෂයට වඩා කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටියත්, තවමත් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම නායකයා අගමැති ටර්න්බුල්.

Malcolm Turnbull continued to lead opposition leader Bill Shorten as preferred prime minister

Source: AAP

The Australian පුවත්පතට අනුව ඔස්ට්‍රේලියානු දේශපාලනය පිළිබඳ සිදු කෙරෙන ප්‍රමුඛතම සමීක්ෂණයක් වන Newspoll සමීක්ෂණයේ නවතම දත්ත අනුව ලිබරල් සන්ධාන රජයට වඩා කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව පෙනී ගොස් තිබේ.

පක්ෂ දෙක සංසන්දනය කරන කල කම්කරු පක්ෂයට 53% ක කැමැත්තක් හිමිව ඇති අතර ලිබරල් පක්ෂයට හිමව ඇත්තේ 47% ක කැමැත්තකි.

නමුත් ඔස්ට්‍රේලියාවට සුදුසු අග්‍රාමාත්‍යවරයා ලෙස තවමත් වත්මන් අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්, විපක්ෂ නායක බිල් ශෝටන් ට වඩා ඉදිරියෙන් සිටියි.

අගමැති මැල්කම් ටර්න්බුල් සහ බිල් ශෝටන් පිළිවෙළින් 46% ක සහ 31% ක ඡන්ද ප්‍රතිශත ලබා තිබේ.

මේ අතර කම්කරු පක්ෂයේ මූලික ඡන්ද ප්‍රමාණය 37% සිට 36% දක්වා සුළු බැසීමක් පෙන්වන අතර ලිබරල් පක්ෂයේ මූලික ඡන්ද ප්‍රමාණය 36% මට්ටමේම පවතින බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ කැමතිම නායකයා ලෙස මෙවර අගමැති ටර්න්බුල්ගේ ඡන්ද සංඛ්‍යාව 43% සිට 46% දක්වා වැඩිවී ඇති අතර විපක්ෂ නායක බිල් ශෝටන් ගේ ඡන්ද සංඛ්‍යාව 32% සිට 31% දක්වා අඩුවී ඇතැයිද වාර්තා වේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now