SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු රජයේ යෝජිත සමාගම් බදු කප්පාදු පනත පාස්කු නිවාඩුවට පෙර සම්මත කරගැනීමේ වෑයමක්.

Turnbull Government closer to company tax cut deal.
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කළ සමාගම් බදු කප්පාදුව පිළිබඳ පනත එළඹෙන පාස්කු නිවාඩුවට පෙර ලබන සතියේදී සෙනට් සභාවේදී සම්මත වනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ඉදිරිපෙළ මන්ත්‍රී  Christopher Pyne අපේක්ෂා කරයි.

මෙම පනත සඳහා මේ වන විටත් කම්කරු  පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය විරුද්ධවී ඇති අතර ලිබරල් සන්ධාන රජයට මෙය සම්මත කරගැනීමට නම් ස්වාධීන සෙනට් සභිකයින්ගේ සහය අනිවාර්යෙන් අවශ්‍ය කෙරෙන බව ද වාර්තා වේ.

ඒ අනුව  Derryn Hinch සහ Tim Storer යන සෙනට් සභිකයින් දෙදෙනා මෙන්ම One Nation  පක්ෂයේ සෙනට් සභිකයින් තිදෙනා ද මෙම පනතට සහය දැක්වුවහොත් එය සම්මත කරගැනීමට හැකියාවක් පවතින බවද සඳහන්.

නමුත් Derryn Hinch සහ Tim Storer යන සෙනට් සභිකයින් තවමත් සිය තීරණය නිල වශයෙන් දැනුම් දී නොමැති අතර මෙයට විරුද්ධ වීම තේරුමක් රහිත කාර්යයක් බව භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison පැවසුවේය.

මේ අතර ලිබරල් සන්ධාන රජයේ සමාගම් බදු කප්පාදුව සඳහා වූ යෝජිත පනතට One Nation පක්ෂය සහය දෙන බව මේ වන තෙක් නිල වශයෙන් දන්වා නොමැති නමුත් එය සම්මත කරගැනීම සඳහා ඔවුන්ගේ සහය බොහෝ දුරට හිමිවනු ඇතැයි වාර්තා වේ.

තමන් ඊට සහය ලබා දීමට නම් ජනතා බදු මුදල් වලින් ඔස්ට්‍රේලියාව පුරා අභ්‍යාසලාභීන් 1000 කට මුල්‍ය ප්‍රතිපාදන සැපයිය යුතු බවට කොන්දේසියක් One Nation පක්ෂය විසින් ලිබරල් සන්ධාන රජයට ඉදිරිපත් කර තිබේ.

කෙසේනමුත්, ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජන ජීවිතය සහ පවුල් පිළිබඳ One Nation පක්ෂයට කිසිදු හැගීමක් නොමැති බවත් ඔවුන් ව්‍යාජත්වයක් මවා පාන බවත් කම්කරු පක්ෂයේ සෙනට් සභික  Doug Cameron පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now