SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පාසල් සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන නව Gonski ක්‍රමවේදය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 3 කින් සම්මත වෙයි.

Turnbull government's $23.5 billion schools funding package has passed the Senate
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ පාසල් සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන නව Gonski  ක්‍රමවේදය අද (23/06)  අලුයම කැන්බරා පාර්ලිමේන්තුවේ සෙනට් සභාවේදී වැඩි ඡන්ද 3 කින් සම්මත විය.

මෙම Gonski 2.0  ක්‍රමවේදයට  පක්ෂව ඡන්ද 34 ක්ද විපක්ෂව ඡන්ද 31 ක්ද හිමි විය.

කම්කරු පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය මෙයට විරුද්ධවූ නමුත් ස්වාධීන මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ තීරණාත්මක ඡන්ද හේතුවෙන් ලිබරල් සන්ධාන රජයට මෙම පනත සම්මත කරගැනීමට හැකි විය.

මේ සඳහා වූ විවාදය ඊයේ (22/06) පස්වරුවේ සිට අද අලුයම 2 දක්වා පැවැත්වුණු බවද වාර්තා වේ.

ඒ අනුව ඉදිරි වසර 10 පුරාවට ඔස්ට්‍රේලියාවේ පාසල් සඳහා මෙම නව Gonski  ක්‍රමවේදය ඔස්සේ ඩොලර් බිලියන 23.5 ක මුල්‍ය ප්‍රතිපාදන සැපයෙනු ඇත.

නමුත් මීළඟ මැතිවරණය දක්වාම ලිබරල් සන්ධාන රජයේ මෙම ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව සටන් කරන බව කම්කරු පක්ෂය අවධාරණය කර සිටියි.

ලිබරල් සන්ධාන රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ  කප්පාදු කළ සෑම ඩොලරයක්ම නැවත මහජනතාවට ලබා දෙන බව කම්කරු පක්ෂයේ අධ්‍යාපනය පිළිබඳ නියෝජිතවරිය වන Tanya Plibersek පැවසුවාය.

මේ අතර කතෝලික අධ්‍යාපන අංශයද මෙම ප්‍රතිසංස්කරණ වලට එරෙහිව තමන්ගේ විරෝධතාවන් අඛණ්ඩව සිදු කරගෙන යන බව පවසයි.

නමුත් කම්කරු පක්ෂයේ සහ කතෝලික පාසල් වල මෙම විරෝධතාවන් යුක්තිසහගත නොවන බව ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham, Sky පුවත් වෙත පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now