SKIP TO MAIN CONTENT

!!..ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! - වඳවී යන ශාක හා සත්ත්ව විශේෂ සඳහා ටර්න්බුල්ගෙන් අරමුදලක්

වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාඛ සහ සත්ත්ව විශේෂ රජයට පමණක් තනිවම ආරක්ෂා කරගත නොහැකියි

Malcum Turnbull
Malcum Turnbull Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

තම පක්ෂය ජයග්‍රහණය කළහොත් වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාඛ සහ සත්ත්ව විශේෂ ආරක්ෂා කරගැනීමට ඩොලර් මිලියන 5ක අරමුදලක් තනන බවට අගමැති මැල්කම් ටර්න්බුල් මහතා පොරොන්දුවී තිබේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉකුත් 5 වනදාට යෙදී තිබූ ලෝක පරිසර දිනය නිමිති කරගනිමිනි.

වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාඛ සහ සත්ත්ව විශේෂ රජයට පමණක් තනිවම ආරක්ෂා කරගත නොහැකි බවත් එයට ජනතාවගේ සහයද ලැබිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම කාර්යයට අදාළව ව්‍යාපෘති 9ක් මේ වනවිට නිර්මාණය කර තිබේ.

  • දුර්ලභ Potoroos marsupials සහ Bandicoots යන සත්ත්ව විශේෂ රැකගැනීමට බටහිර ඔස්ට්‍රේලියනු කණ්ඩායමට සහය ලැබෙනු ඇත.
  • Feral pigs සත්ත්වයින්ගෙන් Cassowary කුරුල්ලන් බේරා ගැනීමට සහ mahogany glider සත්ත්ව ජනාවාස සහ Ormeau Bottle ශාක බේරාගැනීම සඳහා ක්වීන්ස්ලන්ත කණ්ඩායමට මුදල් ලැබෙනු ඇත.
  • සංක්‍රමණික පක්ෂීන් උදෙසා හන්ටර් කලාපයේ කරදිය වගුරු ප්‍රතිෂ්ඨාපනය කිරීමට නිව් සවුත් වේල්ස් කණ්ඩායමට අවස්ථාව උදාවෙනු ඇත.
  • මියැන්ඩර් නිම්නයේ Feral cats මර්දනය කර Bandicoots  සහ Eastern Quolls යන සත්ත්ව විශේෂ වලට ජනාවාස ඇති කරදීමට උපකාර කිරීම  ටස්මේනියානු කණ්ඩායමට පැවරෙනු ඇත.
  • helmeted honey eaters නමැති කුරුළු විශේෂයේ ගහනය Yellingbo ප්‍රදේශයේ වර්ධනය කිරීමටත් Terrick Terrick ජාතික උද්‍යානයේ දේශීය පඳුරු විශේෂ නැවත සිටුවීමටත් වික්ටෝරියානු කණ්ඩායමට පැවරෙනු ඇත.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now