SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සොයාබැලීම පිළිබද විපක්ෂ නායකවරයාගේ යෝජනා අගමැති ටර්න්බුල් ප්‍රතික්ෂේප කරයි.

Dual Citizenship Saga
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සෙනෙට් සාමාජිකයින්ගේ පුරවැසි භාවය පිලිබදව සොයා බැලීමේදී විපක්ෂ නායක බිල් ශෝර්ටන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා අගමැති මැල්කම් ටර්න්බුල් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අධිකරණය මැදිහත් වන ද්විපාර්ශවික අපක්ෂපාති විමර්ශනයක් අවශ්‍ය නොවන බව විපක්ෂ නායක බිල් ශෝර්ටන් මෙහිදී ප්‍රකාශ කර ඇති අතර, අදාල යෝජනාව පිළිගත නොහැකි බව අගමැති ටර්න්බුල් පවසයි.

යමෙකු ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට ප්‍රමාණවත් තොරතුරු ඇත්නම්, අදාල පුද්ගලයින් පක්ෂ භේදයකින් තොරව අධිකරණය වෙත යොමු කිරීමට පක්ෂව රජය ජන්දය පාවිච්චි කරන බව  වියට්නාමයේ පැවැත්වෙන APEC සමුළුව සදහා පිටත්ව යාමට පෙර අග්‍රාමාත්‍ය ටර්න්බුල් සදහන් කළේය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now