SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ජාතික බ්‍රෝඩ් බෑන්ඩ් ජාලය පිළිබඳ වත්මන් අගමැති හා හිටපු අගමැති අතර වචන හුවමාරුවක්.

Auspol
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ජාතික බ්‍රෝඩ් බෑන්ඩ් ජාලය හෙවත් national broadband network ඔස්ට්‍රේලියාවට දැවැන්ත බරක් බවත් එය පසුගිය කම්කරු පක්ෂ රජය සමයේ ගත් අනුවණ තීරණයක් බවත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඊයේ (23/10) දිනයේදී පාර්ලිමේන්තුවේදී පැවැසීය.

NBN පිරිවැය ඉතා අධික බවත් එයින් ඇස්තමේන්තුගත ඉලක්ක වලට යාමේ අපහසුවක් ඇති බවත් පැහැදිලි කළ අගමැති ටර්න්බුල් NBN යනු සුදු අලියෙකු බව‍ට හඳුන්වනු ලැබීය.

මෙමගින් ඩොලර් බිලියන 10 ක් පමණ පාඩුවී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

නමුත් ඔස්ට්‍රේලියාවේ  හිටපු අගමැති Kevin Rudd අගමැති ටර්න්බුල්ගේ එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.

තම රජය විසින් යෝජිත NBN ව්‍යාපෘතිය ටෝනි ඇබට් හා මැල්කම් ටර්න්බුල් රාජ්‍ය සමයේදී වෙනස්කම් වලට භාජනය කිරීමෙන් මේ ප්‍රතිඵල අත්වී ඇති බව කෙවින් රඩ් පෙන්වා දුන්නේය.

SBS පුවත් ඇසුරෙනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now