SKIP TO MAIN CONTENT

ලබන වසරේ සිට ඔස්ට්‍රේලියාවේ මධ්‍යම ආදායම් ලාභීන්ගේ ආදායම් බදු කප්පාදු කිරීමට රජය සූදානම් වේ.

tax Cut for Middle income people
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ලබන වසරේ මැයි මාසයේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු අය වැයෙන් මධ්‍යම ආදායම් ලබන්නන්ගේ ආදායම් බදු කප්පාදු කිරීමට රජය අදහස් කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසයි.

කෙසේනමුත්, මේ හේතුවෙන් අය වැයට කිසිදු බලපෑමක් සිදු නොවන බවද හෙතෙම පැවසීය.

ඔස්ට්‍රේලියාව තුළ බදු කප්පාදුව පිළිබඳ ඊයේ දිනයේදී ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික සභාව අමතමින් අගමැති ටර්න්බුල් මේ බව ප්‍රකාශ කළේය.

මේ තීරණය හේතුවෙන් මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලාභීන් හට තම ජීවන සිහින සැබෑ කරගැනීමට අවස්ථාවක් හිමිවනු ඇතැයි අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now