SKIP TO MAIN CONTENT

පළමු නිවස මිලදී ගැනීමට Superannuation ප්‍රතිපාදන භාවිතය පිලිබදව අගමැති ටර්න්බුල්ගෙන් අනතුරු ඇගවීමක්

Prime Minister Malcolm Turnbull
Prime Minister Malcolm Turnbull wraps up his visit to India on Wednesday. (AAP) Source: AAP

2 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS



Skip to article content

පළමු නිවස  මිලදී ගැනීමට Superannuation ප්‍රතිපාදන භාවිතය පිලිබදව රජයේ යෝජනාවට කම්කරු පක්ෂය තම විරෝධය පල කරද්දී, රජයේ පිරිසක්ද ඊට විරුද්ධව තම මතය ඉදිරිපත් කර තිබීම විශේෂ සිදු වීමක්.

 

අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ද මෙම යෝජනාවට විරුද්ධව මීට  පෙර අදහස් ප්‍රකාශ කර තිබු අතර, ඔහුගේ ඉන්දීය සංචාරය අතරතුරදී මේ පිලිබදව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කලේ, ඉදිරිපත්වන විවිධ මත සම්බන්දයෙන් තමන් මුම්බායි නුවර සිට මත ප්‍රකාශ කිරීමේ වැලකී  සිටීම යෝග්‍ය  කාරණයක් ලෙස තමන් දකින බවයි. එමෙන්ම ඔහු මේ සදහා විරුද්ධව වෙමින් මීට  පෙර ප්‍රකාශ කලේ එය ඉතා අයහපත් යෝජනාවක් බවයි.

  

 

 

නිවාස මිල පාලනය සදහා ඇති විවිධ අවස්ථාවන් පිලිබදව විමසා බැලීමට කැබිනට් වියදම් විමර්ශනය කිරීමේ කමිටුව පසුගියදා රැස්වීමට නියමිත තිබු අතර, මෙම යෝජනා අගමැති ටර්න්බුල් සමගින් සාකච්චා කිරීම එම රැස්වීමේ අරමුණ වී තිබිණි. කැබිනට් අමාත්‍ය  Matt Canavan සහ හිටපු අගමැති Tony Abbott, පළමු නිවස  මිලදී ගැනීමට Superannuation ප්‍රතිපාදන භාවිතය පිලිබදව යෝජනාවට සහාය  පළකරමින් පසුගියදා තම අදහස් ප්‍රකාශ කර තිබිණි.  නමුත් අධ්‍යාපන අමාත්‍ය Christopher Pyne මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ  Superannuation ප්‍රතිපාදන ක්‍රමවේදය වෙනස් කරමින් සංශෝධන සිදු කිරීම අවධානම් සහගත ක්‍රියාවක් බවයි. පසුගියදා ABC ගුවන්විදුලිය සමග සාකච්චාවකට එක වෙමින් ඔහු සදහන් කලේ නිවාස   මිලදී ගැනීමට Superannuation ප්‍රතිපාදන භාවිතය සදහා අවසර ලබාදීමෙන් නිවාස මිල පහත දැමිය හැකි බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවයි.

ප්‍රාදේශීය නගරවල නිවාස වෙළදපොල තුල අර්බුදයක් නොමැති බව ප්‍රකාශ කරමින්, නියෝජය අග්‍රාමාත්‍ය Barnaby Joyce මේ පිලිබදව අදහස් දැක්වීමෙන් වැලකී  සිටියේය.

 

ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන Chris Richardson මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම යෝජනාව මගින් නිවාස මිල 1%ක  ප්‍රතිශතයකින් ඉහල යා  හැකි බවයි.

කම්කරු පක්ෂයේ භාණ්ඩාගාරික  Chris Bowen මේ පිලිබදව අදහස් දක්වමින් පවසන්නේ මෙය අයහපත් යෝජනාවක් බවත්, එමගින් වාසි  අත්වන්නේ නිවාස වෙළදාමේ නිරත ව්‍යාපාරිකන්ට  බවත්ය. තවද Negative Gearing  ක්‍රමවේදය යටතේ ආයෝජන  දේපල සදහා ලබාදෙන බදු සහන කප්පාදු කලයුතු බවට කම්කරු පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, එය රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now