SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල්ගේ ජනප්‍රියතාව කෙමෙන් අඩුවන ලකුණු.

Turnbull slips as preferred PM
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියානු දේශපාලනය පිළිබඳ සිදු කළ නවතම Newspoll සමීක්ෂණයට අනුව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්ගේ ජනප්‍රියතාව තවත් පහළ බැස තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය වරට සාපේක්ෂව අගමැති ටර්න්බුල්ගේ ජනප්‍රියතාව 41% ක දක්වා 1% කින් අඩුවී ඇති අතර විපක්ෂ නායක බිල් ශෝටන් ගේ  ජනප්‍රියතාව 33% දක්වා 2% කින් වැඩි වී ඇත.

අගමැති ටර්න්බුල් ගේ ජනප්‍රියතාව මෙලෙස නොකඩවා අඩුවූ 21 වන අවස්තාව ලෙසද මෙය වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් හට අගමැති ධුරය අහිමි වීමට පෙර මෙම සමීක්ෂණයේදී ඔහු ගේ ජනප්‍රියතාව  නොකඩවා 30 වරක් අඩු විය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ දෙක සඳහා ලබා දී ඇති මනාපයට අනුව ලිබරල් පක්ෂයට වඩා  කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටියි.

කම්කරු පක්ෂය 54% ක කැමැත්තක් හිමි කරගෙන සිටින අතර ලිබරල් පක්ෂයට හිමිව ඇත්තේ 46% ක කැමැත්තකි.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now